Showing posts with label කවි වගේ එව්ව. Show all posts
Showing posts with label කවි වගේ එව්ව. Show all posts

Aug 17, 2022

බඩු කෝච්චිය






නිමිත්ත: හැටන් සිට නුවර බලා පොඩි මැණිකේ දුම්රියෙන් එනවිට, චාරිකාවක් නිමවී කොළඹ බලා යන තරුණියෙකු ඉදිරිපස අසුනේ සිටියි.  

                                                                ***

                                        රෙක්සෝනා සුවඳ වහගත්තා         

                                                                                        පොඩි මැණිකේ..

                                        කොස්හින්නෙන් කාපු වඩ සැර වැඩි 

                                                                                        වද  කෙල්ලේ..?

                                        චිස් ගාලා පැන්න දාඩිය ටික             

                                                                                         සුදු නළලේ..

                                        මස්කාරා ගාං ට්‍රිප් යනවද                     

                                                                                         කැරි අව්වේ? 

                                                                ***


Image: AI generated art [https://www.craiyon.com/]




Jun 18, 2016

බොළඳ කාලේ පාසැල් ආලේ....







ටික කාලෙකට උඩදි මට මගේම පරණ ඩයරියක් හම්බුනා... 2012 ජනවාරි ඉඳන් පිළිවෙලකට ලියාගෙන ඇවිත් තියෙන ඩයරිය මොකක්හෝ හේතුවකට අවුරුද්ද මැදදි ලියන එක නවත්තල.... ඕනෑවට එපාවට ඒකෙ පිටු පෙරලගෙන ගිය මට රතු පෑනකින් කුරුටු ගෑවුණු කවිපේලි දෙකක් අහම්බෙන් වගේ ඇස ගැටුන.. මේ කවිපේලි දෙක තමයි පල්ලෙහා තියෙන පලවෙනි කවියෙ පලවෙනි පේලියත් දෙවෙනි කවියෙ අන්තිම පේළියත්...

මේක මං ලිව්වේ මං ගිය පාසැල් බස් රථයේ අන්තිමට කලින් සීට් එකේ පල්ලෙහා... මාත් එක්ක ඒ බස් එකේ ගිය කෙනෙක් ගැනයි මේක... දැන් අපි මේ ඉස්කෝලෙන් ඇවිත් ගොඩක් කල් වෙනව.. ඒත් මේ බස්රිය ඉස්සර අපිට තිබුණු සුන්දර බලාපොරොත්තු සහ බොළඳ ආශාවන් තියෙන මල්ලිලා නංගිලා ඔවුන්ගෙ නැවතුම් පොළවල් වලට තවම ගෙනියනවා... කිසිදා අමතක නොවෙන පාසැල් ආදරය ගැනයි මේ..


           මිනිත්තිතු පහකට සිටියත් මගෙ ළඟ 
                                                ඇති එය දවසක් පුරවන්න 
   වාත්තු කල සුදු ලස්සන මූණක් 
                                               යාන්තමට මට දැකගන්න
    සාක්කු අස්සේ මුරුක්කු පුරවන් 
                                   යෙහෙළියො අතරින් මතුවෙන්න
         මාර්තු වැස්සට තෙමෙන්න නරකයි 
                                     කුමරියෙ හනිකට ගොඩවෙන්න

     රසයෙන් වැඩි මුත් අරුතක් නැති 
                                  කච කචෙන් මගේ කන් පුරවන්න
      කසයෙන් හද තලනා වැනි රිදුමක් 
                                 නෙත් යාවෙන කල ගෙන දෙන්න
දවසින් දවසට හිත යට පීදෙන 
                                           ආදර හැඟුමන් වැඩිවෙන්න
     බසයෙන් බැසයන විට පෑ  මදහස 
                                        හෙටදින නැවතත් මට දෙන්න  

~මාතරේ. 

Nov 4, 2015

හිමිනැති ප්‍රේමයයි සැමදා පවතින්නේ..!





***
                                                 ලපටි රන් තැඹිලි හිරු රැස් 
                                                                                       වැටෙන ගලා
                                                 දිනක උදෑසන මම නුඹ 
                                                                                       දුටිමි එදා 
                                                 සැනෙක උදර ගැබ ඇතුලෙන් 
                                                                                       හිරි වැටුනා 
                                                 ප්‍රේම කළා නොව මා නුඹ 
                                                                                       අගය කළා 


                                                 වගුරු බිමක් තුල ඔබ 
                                                                                      සියපතකි නැවුම් 
                                                 පඳුරු ගොඩක් මැද ඔබ මහ 
                                                                                      රුකකි උතුම් 
                                                                                                          දෙවෙනි හෙයින් 
                                                 නිතර දොඩන මුව හෙනගෙඩි 
                                                                                      අකුණු තරම් 


                                                කෝලම් දෑස හිමිකරගන්න 
                                                                                      ලොබ බැඳිමි
                                                නෙත්යුග ගැටෙන විට එය 
                                                                                      සඟවනු නොහැකී 
                                                ආලේ සුන්දරම කාලය 
                                                                                      මෙය සොඳුරී 
                                                පිළිතුර දත් පැනය ඇසුවෙමි 
                                                                                      මම ලතැවී 


                                                වෙනසක් ලදිමි නුඹගෙන් නුඹ 
                                                                                      නෑ දන්නේ 
                                               හිමිනැති ප්‍රේමයයි සැමදා 
                                                                                      පවතින්නේ 
                                               ඔබ හට මගේ සිතතුළ 
                                                                                      නිමැවුන මැදුරේ 
                                               වෙනකෙකු බලෙන් රඳවාගෙන 
                                                                                     මම රැවටේ   

***

~ මාතරේ.

මල් මාමා පෙනී නොසිටින.....





:) :) :)

අපි දෙන්නා යාළු
රෑට කන්නෙ මාළු
කෙල්ලෙ ඔයා කාල නේද
ඔයා නැතුව පාලු

උම්ම  ඕන ඒළු
අයි ලව් යූ ටූටූ 
මල් කඩන්න සිරා පෙමක්
අත්‍යවශ්‍ය නෑලු

නොදක ඉන්න බෑලු
අදම පැනල යමූ..දෝ
ලෝන් එකත් ඉවර උනා
ෂෙයාර් එකක් නැද්..දෝ 

නිතර කඩන බඹ..රූ
වෙනවලු පළපුරූදු 
දෙතිත සමඟ එක් කරපං
තරු සලකුණ මිතූරූ

:* :* :* :*


ප/ලි: මේකනං මෙලෝ රහක් නැති පොස්ට් එකක්.. මෙලෝ රහක් තියෙන පොස්ට් එකකින් ළඟදීම හම්බවෙමු..!!!

Jul 15, 2012

නුඹට කෙල හලන උට හොරෙන් ඔබ මට ලයින් එක දානවදෝ...?


***
දසත සැරිසරන
උකුසු නෙත් වලට
හොරෙන් මා දෙස
බලනවාදෝ...?

බලන හැමවිටම
කොමල මුවඟින්
සිනාසෙන්නට
හදනවාදෝ...?

සිනාසෙන්නට
හදන සැමවිට
ඔහු දකීවියි
බය හිතේදෝ...?

නුඹට කෙල හලන
උට හොරෙන් නුඹ
මට ලයින් එක
දානවදෝ...?


ඔහුට වැඩියෙන්
මගේ ආලය
වටිනවා යැයි
හිතෙනවාදෝ...?

ඉඟිමරන ඔය
නෙතට කඳුලක්
කිසිදිනක මම
නොම ගෙනේදෝ...?

ආදරය යනු

කිම නොදත් මම 
කෙලෙස ඔබ හට 
එය පුදම්දෝ...?


ආලයට කිරි කෝඩු
නැති නුඹ
මටත් ඒ ගැන
කියා දේදෝ...?
***

~ මාතරේ

May 20, 2012

ඇය හමුවුණි; හද නැවතුනි...



ආදරණිය H වෙත,


මම  අහල තියෙන ගොඩක් ප්‍රේම කතාවල් පටන් අරගෙන තියෙන්නෙ දෙදෙනා අතර තියෙන ගැලපීම් හන්ද... ඒත් අපි..? අපි කොච්චර වෙනස්ද..? මම නිහඬයි, ලැජ්ජයි...  ඒ උනාට ඔයා එහෙම නෑ.. ඔයාට බයක්, සබකෝලයක් කියල දෙයක් නෑ... හරිම සද්දයි.. මගේම විරුද්ධ පදය...! ඒ උනාට මට සහතිකයි අපි කවදාහරි දවසක එකතු වෙනව, ඒ එකතුවෙන්නෙත් අපේ නොගැලපීම් හින්ද... එදාට අපිව වෙන් කරන එකනම් එච්චර ලේසි වෙන්නේ නෑ...!



    ...
පද නැත මතකෙට එන්නේ,
                  මුළු ඔළුවම අවුල් වී 

සඳ නැත අහසට නැග්ගේ, 
                      අද එහි රුව දෙවෙනි වී
 
තරු නැත තනිවී අහසේ ,
                       ඔබෙ රුව ඇත එහි ඇඳී
 
ඇය හමුවුණි; හද නැවතුනි;
                      විසේකාර රුවැත්තී...
  ...

Apr 30, 2012

ළමා නිවාසයේ සිට ලියමි... [අනාථයාගේ කඳුළු]




*** 
වැදුමට හැකිව හදනට බැරි වූ ලප                 ටී
පොඩි  උන් සමඟ අපි මෙහි වෙයි මුල සිට     දී
මව් පිය නැතිව නැත ලොව කිසිවෙකු බිහි     වී
කොයිබද මව්නි ඔබ අප හැර ගියෙ පෙර       දී

නලවන් නැතිය අප හඬනා විට එකෙ          කූ
මැනලයි අපිට කිරි දෙන්නේ මුන් මසු         රූ
                  නැත කිසි දෙයක් අප හට උපතින් ලැබු       නූ                  
     පින්මද පුතුන් වෙද අපි ලෝකෙට නිස        රු...?
 

***
~ අනාථයා වෙනුවෙන් මාතරේ...

Apr 27, 2012

වත්තෙ නීතිය සහ සිත්තියාගේ කඳුළු...




සිත්තියා සුර දෙවඟනේ...
දෑස නිල්, දිගු වරලියේ...
ලැයිමෙ ගෑණුන් පදේ හැදුවද,
මොකද අඬ අඬ කළුවරේ...?

රැඳෙන නිතරම උඹ වටේ...
වත්තෙ කොල්ලන් හැතිකරේ...
නැද්ද උන් ගැන උඹට ගානක්,
අගුල දාගං ලී දොරේ...

තට්ට තනියම උඹ පැලේ...
කොහෙද උඹෙ මිනිහා ගියේ...?
වත්තෙ ලොක්කන් මාරු කෙරුවද,
ඌව ඈතට කඳුකරේ...?

මීදුමෙන් පිරි ගොම්මනේ...
බංගලාවට උඹ ඇදේ...
පැදුරෙ නැති සැප මෙට්ටෙ දෙනවද,
සින්න දොරයගෙ කාමරේ...?


මිට අවුරුදු එකහමාරකට පමණ පෙර යහළුවෙකු සමඟ රාගල පිහිටි තේවත්තකට ගියෙමි. එහි සුපිරින්ටන්ඩන් වරයා මගේ එම මිතුරාගේ සහෝදරයාගේ මිතුරෙක් වේ. එහිදී ඌ කිව් මේ කතාව මගේ හද පසාරු කරන්නට සමත්විණි. ඒ වෙලාවේ ඔහුට මුවින් නොබැන්නත් සිත ඇතුලින් වෛරයක්‌
සමග මෙම ගැහැණිය පිලිබඳ අනුකම්පාවක් හට ගැනුනි.මෙහි සඳහන් කර ඇති සින්න දොරේ මා පෙර කිව් සුපිරින්ටන්ඩන් වරයා වෙයි. කවියේ සඳහන් සියල්ල ඇත්තටම සිදුවූ දේවල්ය, බොහෝ විට දැනුත් සිදුවෙමින් පවතිනු ඇත...

~ මාතරේ

Apr 26, 2012

ලැම්බට්ට කෙල්ල කියූ කවි...



මෙය  ලැම්බට් කියූ කවි වල දෙවෙනි කොටස වේ...
 

මල්ලි මේ ටික,
                       හොඳට අහගන්..!
                       ඉතින් නාඬන්,
                       කඳුළු පිහගන්

අපි අපිට කිසි, 
                      දිනක හිමිවන් 
                      නේ නැති බවත්
                      හිතට අරගන්

අනික මේවට, 
                     ලොව වෙයි හරස් 
                     උන්ගෙ උල් ඇස්
                     නගයි උදහස්

ඉතිං අපි වෙමු,
                    හොඳම මිතුරන් 
                    එය උතුම් වෙයි 
                    පෙමට වැඩියෙන්

***

දන්නවද ඔබ, 
                   පෙම කිමදවත් 
                   එ ' දෙන සොම්නස්
                   එ ' දෙන දොම්නස්..?

නොදැන එහි තතු,
                   ප්‍රේම නොකරන්
                   ප්‍රතිඵලය වෙයි 
                   භයංකාරන්..!

යන්න පෙර මම, 
                   නැගිට මෙතනින් 
                   දෙමි උපදෙසක් 
                   මහද පතුලෙන්

දකින සැම හට,
                   පෙම නොපුදපන් 
                   බොට එපා වෙයි 
                   ඒ වචනයත්...!

Apr 25, 2012

ලැම්බට් කියූ කවි...




පෙනෙයි දුර සිට,
                    බලන බැල්මන්
                    කොමල රැඟුමන්
                    සිනහ රන්වන්

සිතෙයි මා හට,
                    ලඟට ඇවිදින්
                    අතින් අල්ලං 
                    ඉන්න දිගුකල්

නුබෙ සොඳුරු සිත,
                    වසඟ කරගත්
                    එහි අරක්ගත්
                    කෙනෙක් නැතිනම්

කුමරි දෙනවද,
                    මටොබෙ නිකැළැල්
                    දිලෙන මිණිවන්
                    අදර හසරැල්...?


***


ගොතා  කියනෙමි,
                    කනට පැණි වන්
                    හදට කපු වන්
                    මියුරු පදවැල්

ළඟ ඉඳින්නෙමි,
                    දිවි තියෙනකල්
                    දෑස ලෙස මං
                    රකිමි සැමකල්

සිතින් තනනෙමි,
                    නිම්න නිල්වන්
                    අපි ඇවිද යං
                    කතා වල මෙන්

එහෙත් මේ කවි,
                    ගඟට ඉනි මෙන්..!
                    මටොබ අක්කෙක් 
                    උනේ ඇයි බං...?


       

Dec 28, 2011

"අන්න එනව පට්ට වේ* කතා කරල ගමුද ඇඳට?" - අතිශයින්ම 18+ ය





ඉර දුටු කල
පිනි වියැලෙන
ලෙස හැරයන
රුව හිමි සඳ

තොට නොමැතිය
ඒ මනහර
රුව බබලන
රැඳි සැමකල

ඇවිදින විට
පු* වන වන
දනෙන් උඩට
රෙදි පලාන

නොම ඇහැරෙයි
පිවිතුරු පෙම
මතු කරවයි
කාම නහර

එක කොල්ලෙක්
නැත කියනට
"ඔබ මගෙ
හදවතයි සොඳුර"

ලොබ ඇස් දහසක්
මැද හිඳ
පැන පැන යයි
එකින් එකට

පැන පැන ගිය
කල දවසක
පිරිසිදු බව
නැති වුනු විට

සිතයි මෙමට
නැතිවෙන්නට
දෙයක් නොමැත
අදින් පසුව

සිතා මෙලෙස
පටන් ගනියි
නල රංගන
අතින් අතට

මින් පසුවට
මැය එනකල
පාර දිගේ
ගොම්මන් යම

"අන්න එනව
පට්ට වේසි
කතා කරල
ගමුද ඇඳට?"

Nov 10, 2011

තවත් එක් බූට් කවියක්...!






කවියක් වී මම ඉන්නම් ඔබගේ තොල් අග මිමිණෙන
සුවඳක් වී මම ඉන්නම් ඔබ ළඟ නිතරම දැවටෙන
පැතුවේ මා මේ ලෙස අත් නොහරින්නට ඔබ කිසිදෙන
කිමදෝ ඔබ කෙරුවේ මා කඳුලක් නෙතගින් ගිලිහෙන?

Oct 30, 2011

කොණ්ඩය කැපුවෙමි



උපන් කැත
මකන්නට
වැවූ දිග
කොණ්ඩය
දැන් නැත! 

Oct 27, 2011

ආසයි මට කෙදිනක හෝ කැම්පස් ගොඩ වදින්න



කරුණාකර සවන් දෙන්න. මම තාම කැම්පස් ගිය එකෙක්වත් එහි යාමට සුදුසුකම් ලැබූ එකෙක්වත් නොවේ. මම තාම පාසලක ඉගෙන ගන්නා එකෙක්මි. පහත සඳහන් දෑ හුදෙක් රසවින්දනය සඳහා මිස මා ගැන ගැඹුරින් දැකීමට නොවේ! පහත දෑ, අන්තර්ජාලය ඇවිස්සීමෙන් සහ අනෙක් බ්ලොග් අඩවි කියවීමෙන් ලබාගත් කෑලිය...!


හන්තානට පායන සඳ ලස්සනයිද                     බලන්න
ජපුරේ මෙන් මටම තුනක් දාගෙන රස              විඳින්න
කොළඹින් හරි පොෂ් බඩුවක් අරගෙන චැට්     කොරන්න
ආසයි මට කෙදිනක හෝ කැම්පස් ගොඩ         වදින්න

අයියලාට ඕනේ තරම් නවක වදය                    කරන්න
ඊළඟ වසරේ අපටත් චාන්ස් එකක්                   ලැබෙන්න
උද්ඝෝෂණ, පිකටින්, වර්ජන ඕනේ තරම්       කරන්න
ආසයි මට කෙදිනක හෝ කැම්පස් ගොඩ         වදින්න

ලවර්ස් ලෙන් වල ඇති පුටු නොමඳව රත්          කරන්න
කජු කැල වල සිරී පාදේ පාළුව නැති                 කරන්න
මල්වත්තේ වවුල් කැලේ අඳුර මැදින්                දුවන්න
ආසයි මට කෙදිනක හෝ කැම්පස් ගොඩ         වදින්න

නිදි මර මර අඩ සිහියෙන් ලේක්චස් වල           ඉඳින්න
රෑ වෙනකන් හොස්ටල් වල පාඩම් වැඩ            කරන්න
හිතෙට හිතෙන ගතට දැනෙන කුරුටු වදන්      කොටන්න
ආසයි මට කෙදිනක හෝ කැම්පස් ගොඩ         වදින්න

පැතලි හැඩැති කළු තොප්පිය දාගෙන ජොගි    නටන්න
රෝල් කරපු ඩිග්රි කොලේ ඇරගෙන කයි       ගහන්න
සමාජයේ පුංචි තැනක් මටම කියල                  හදන්න
ආසයි මට කෙදිනක හෝ කැම්පස් ගොඩ        වදින්න

Sep 30, 2011

අපි ඔක්කොම මිනිස්සු




කොච්චර කිව්වත් අපි හරි කියලා,
කව්රුත් කිසිදා හරිම නෑ...

කොච්චර දිනුවත් අන් අය හදවත්,

සැමසිත් එකලෙස දිනනු බෑ...

සහතික පිට සහතික පොදි
බැන්දත්,
නොපැරදුන කෙනෙක් තාම නෑ...

අඩියක් ගහලා සොමියක් දාලා,

ගැඹුරෙන් නොසිතා ඉඳිමු ඈ...?

(ක්ෂණික කෝපය හේතු කොටගෙන ගෙතුණු මෙව්ව එකකි
!)

Sep 28, 2011

ඇවිද ගියා අපි පාරේ...




සවස් වී ඒ දවසෙ
ඇවිද යන විට පාරේ...

නිමවී ටියුෂන් පන්ති
ඇවිද යන විට පාරේ...

දෙදෙන තනිවම ගොළුව නිහඬව
ඇවිද යන විට පාරේ...

පාසල් ඇඳුමින්ම අපි
ඇවිද යන විට පාරේ...

සිතෙහි තෙරපෙන දෙයක් ඇතිවම
ඇවිද යන විට පාරේ...

දෙනුවනට පමණක් කොන්දුරන්නට ඉඩ දී
ඇවිද යන විට පාරේ...

ඈතින් නුවර බසයක් එනු දැක
බස් එකේ නැගල ගෙදර ගියා මං...! 

අපරාදේ කියල සිතට දැනෙන්නේ දැන් :(
Related Posts Plugin for WordPress, Blogger...