Aug 17, 2022

බඩු කෝච්චිය






නිමිත්ත: හැටන් සිට නුවර බලා පොඩි මැණිකේ දුම්රියෙන් එනවිට, චාරිකාවක් නිමවී කොළඹ බලා යන තරුණියෙකු ඉදිරිපස අසුනේ සිටියි.  

                                                                ***

                                        රෙක්සෝනා සුවඳ වහගත්තා         

                                                                                        පොඩි මැණිකේ..

                                        කොස්හින්නෙන් කාපු වඩ සැර වැඩි 

                                                                                        වද  කෙල්ලේ..?

                                        චිස් ගාලා පැන්න දාඩිය ටික             

                                                                                         සුදු නළලේ..

                                        මස්කාරා ගාං ට්‍රිප් යනවද                     

                                                                                         කැරි අව්වේ? 

                                                                ***


Image: AI generated art [https://www.craiyon.com/]




Jun 19, 2016

ආසම චිත්‍රපට සින්දු 10ක්



ලංකාවේ සිනමාව පටන්ගත්ත තැන නෙමේ අද තියෙන්නෙ ..ගොඩක්ම වෙනස් තැනක..කඳු පල්ලන් පහුකරගෙන ගලාගෙන යන සිංහල සිනමාව තුලින් ගොඩාක් ලස්සන චිත්‍රපට බිහිවෙලා තියෙනව .... චිත්‍රපටයක් ජනප්‍රිය වෙන්න සහ ඒක මිනිස්සු අතරට යන්න රූපමය දායකත්වය විතරක් මදි,, සංගීත රසයත් ඕනේ..ඇත්තටම බැලුවොත් චිත්‍රපට ගීත ඒ චිත්‍රපටයේ සාර්ථකත්වයට සෘජුවම බලපානවා කිව්වොත් නිවැරදියි.. ලස්සන සින්දුවක් තියෙනවනන් චිත්‍රපටය තුල ඒක අහන බලාපොරොත්තුවෙන් චිත්‍රපටය බලන රසිකයොත් ඉන්නව..

ඉතිං  මේ ලිපිය ලියන්නේ සිංහල චිත්‍රපට සින්දු 10ක් ගැන...මේවා ඉතා ඈත අතීතයෙන් වත් මෑත කාලයෙන්වත් තෝරගත්ත ගීත නෙමේ..දශකයකට විතර කලින් හොඳටම ජනප්‍රිය උන ඒවා..සමහර ගීත අහද්දී අපි ඒ ගීතයත් එක්ක අතීතයට ඇදිල යනව.. අතීතය සිහි කරවන පැරණි මතක අලුත් කරවන ලස්සන ගීත ටිකක් මේ.. කොහොම උනත් මගේ රසයේ හැටියටයි මම මේ ගීත තෝරාගත්තේ... ඔබෙත් මේ වගේ සිත් ගත් චිත්‍රපට ගීත තියෙනවනං යටින් අදහස් දක්වන්න... ගායනය/ පද රචනය අනං මනං මුකුත් දැම්මේ නෑ මොකද මේ කාලෙ කාටවත් ඒව අදාළ නැති නිසා... රසවිඳින්න..



ශිලා - මිල්ලෙ සොයා





වලාකුල් වියන් තනාලා - ආසයි මං පියාඹන්න


 




 පැහැසර- ආසයි මං පියාඹන්න






සල්ලි පොකුරු - මිල්ලෙ සොයා






සරත් සඳේ - ජූලියා






නීල නිම්නයේ - හිරිපොද වැස්ස






වස්සානේ  - හිරිපොද වැස්ස


 



ඉරෙන් හඳෙන් - සූරිය අරණ 






මල් සමනල්ලූ - සුවඳ දැනුනා ජීවිතේ (SDJ)






පෙරදා මැවූ සිනා  - සුවඳ දැනුනා ජීවිතේ (SDJ)





Jun 18, 2016

බොළඳ කාලේ පාසැල් ආලේ....







ටික කාලෙකට උඩදි මට මගේම පරණ ඩයරියක් හම්බුනා... 2012 ජනවාරි ඉඳන් පිළිවෙලකට ලියාගෙන ඇවිත් තියෙන ඩයරිය මොකක්හෝ හේතුවකට අවුරුද්ද මැදදි ලියන එක නවත්තල.... ඕනෑවට එපාවට ඒකෙ පිටු පෙරලගෙන ගිය මට රතු පෑනකින් කුරුටු ගෑවුණු කවිපේලි දෙකක් අහම්බෙන් වගේ ඇස ගැටුන.. මේ කවිපේලි දෙක තමයි පල්ලෙහා තියෙන පලවෙනි කවියෙ පලවෙනි පේලියත් දෙවෙනි කවියෙ අන්තිම පේළියත්...

මේක මං ලිව්වේ මං ගිය පාසැල් බස් රථයේ අන්තිමට කලින් සීට් එකේ පල්ලෙහා... මාත් එක්ක ඒ බස් එකේ ගිය කෙනෙක් ගැනයි මේක... දැන් අපි මේ ඉස්කෝලෙන් ඇවිත් ගොඩක් කල් වෙනව.. ඒත් මේ බස්රිය ඉස්සර අපිට තිබුණු සුන්දර බලාපොරොත්තු සහ බොළඳ ආශාවන් තියෙන මල්ලිලා නංගිලා ඔවුන්ගෙ නැවතුම් පොළවල් වලට තවම ගෙනියනවා... කිසිදා අමතක නොවෙන පාසැල් ආදරය ගැනයි මේ..


           මිනිත්තිතු පහකට සිටියත් මගෙ ළඟ 
                                                ඇති එය දවසක් පුරවන්න 
   වාත්තු කල සුදු ලස්සන මූණක් 
                                               යාන්තමට මට දැකගන්න
    සාක්කු අස්සේ මුරුක්කු පුරවන් 
                                   යෙහෙළියො අතරින් මතුවෙන්න
         මාර්තු වැස්සට තෙමෙන්න නරකයි 
                                     කුමරියෙ හනිකට ගොඩවෙන්න

     රසයෙන් වැඩි මුත් අරුතක් නැති 
                                  කච කචෙන් මගේ කන් පුරවන්න
      කසයෙන් හද තලනා වැනි රිදුමක් 
                                 නෙත් යාවෙන කල ගෙන දෙන්න
දවසින් දවසට හිත යට පීදෙන 
                                           ආදර හැඟුමන් වැඩිවෙන්න
     බසයෙන් බැසයන විට පෑ  මදහස 
                                        හෙටදින නැවතත් මට දෙන්න  

~මාතරේ. 

Related Posts Plugin for WordPress, Blogger...