Apr 26, 2012

ලැම්බට්ට කෙල්ල කියූ කවි...



මෙය  ලැම්බට් කියූ කවි වල දෙවෙනි කොටස වේ...
 

මල්ලි මේ ටික,
                       හොඳට අහගන්..!
                       ඉතින් නාඬන්,
                       කඳුළු පිහගන්

අපි අපිට කිසි, 
                      දිනක හිමිවන් 
                      නේ නැති බවත්
                      හිතට අරගන්

අනික මේවට, 
                     ලොව වෙයි හරස් 
                     උන්ගෙ උල් ඇස්
                     නගයි උදහස්

ඉතිං අපි වෙමු,
                    හොඳම මිතුරන් 
                    එය උතුම් වෙයි 
                    පෙමට වැඩියෙන්

***

දන්නවද ඔබ, 
                   පෙම කිමදවත් 
                   එ ' දෙන සොම්නස්
                   එ ' දෙන දොම්නස්..?

නොදැන එහි තතු,
                   ප්‍රේම නොකරන්
                   ප්‍රතිඵලය වෙයි 
                   භයංකාරන්..!

යන්න පෙර මම, 
                   නැගිට මෙතනින් 
                   දෙමි උපදෙසක් 
                   මහද පතුලෙන්

දකින සැම හට,
                   පෙම නොපුදපන් 
                   බොට එපා වෙයි 
                   ඒ වචනයත්...!

17 comments:

  1. අක්කාගෙන් හොද උපදෙසක්

    ReplyDelete
    Replies
    1. හිහි.. පලවෙනි එකෙන් නවත්තන්න උන්නේ.. අක්කගෙ පොස්ට් එකත් එක්ක තමා මේක ලියන්න හිතුනේ...

      Delete
  2. ගොඩක් අයට වැදගත් වෙයි වගේ හෙහ් හෙහ් :P අහ් බොට දුන්න වදනක්ද මේ :D

    ReplyDelete
    Replies
    1. :ඩි :ඩි නෑ නෑ.. සිරාට උනේ පලවෙනි කොටස විතරයි...

      Delete
    2. හා හා දැනට එහෙම කියමුකෝ :P

      Delete
  3. ඇත්ත ඇත්ත කතාව ඇත්ත... :දිව

    ReplyDelete
    Replies
    1. ;D කොල්ලටත් අක්කෙක් මෙහෙම කියල තියේද...?

      Delete
  4. ඇත්ත තමා බොරුවට කැමති වගේඉන්නේ නැතුව ඔහොම කියපු එක හොදා

    ReplyDelete
    Replies
    1. අපි මෙහෙම කිව්වයි කියල හිතමු... :D

      Delete
  5. මෙහෙමත් අක්කලා.... වාසනාවන් !!!!

    ReplyDelete
  6. හයියෝ දෙයියනේ...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...