Jul 15, 2012

නුඹට කෙල හලන උට හොරෙන් ඔබ මට ලයින් එක දානවදෝ...?


***
දසත සැරිසරන
උකුසු නෙත් වලට
හොරෙන් මා දෙස
බලනවාදෝ...?

බලන හැමවිටම
කොමල මුවඟින්
සිනාසෙන්නට
හදනවාදෝ...?

සිනාසෙන්නට
හදන සැමවිට
ඔහු දකීවියි
බය හිතේදෝ...?

නුඹට කෙල හලන
උට හොරෙන් නුඹ
මට ලයින් එක
දානවදෝ...?


ඔහුට වැඩියෙන්
මගේ ආලය
වටිනවා යැයි
හිතෙනවාදෝ...?

ඉඟිමරන ඔය
නෙතට කඳුලක්
කිසිදිනක මම
නොම ගෙනේදෝ...?

ආදරය යනු

කිම නොදත් මම 
කෙලෙස ඔබ හට 
එය පුදම්දෝ...?


ආලයට කිරි කෝඩු
නැති නුඹ
මටත් ඒ ගැන
කියා දේදෝ...?
***

~ මාතරේ

11 comments:

  1. ලස්සනයි.

    මාතරේ ගොඩ දවසකින් ඇවිත් තියෙන්නේ..

    ReplyDelete
  2. ඔය ඔක්කොටම "ඔව්" කියන වචනේ ලැබුනොත් කොහොමද?

    ReplyDelete
  3. ඔහොම වෙනවන් ඉතින් සෝක් නෙහ්

    ReplyDelete
  4. හුගක් දවසකට පස්සේ නේද? ලස්සනයි සිතුවිල්ල

    ReplyDelete
    Replies
    1. ow ow goda dawasakin... sithuwillak neme akke.. aththatama wena SIDDIYAK..! :D

      Delete

Related Posts Plugin for WordPress, Blogger...