මම අහල තියෙන ගොඩක් ප්‍රේම කතාවල් පටන් අරගෙන තියෙන්නෙ දෙදෙනා අතර තියෙන ගැලපීම් හන්ද... ඒත් අපි..? අපි කොච්චර වෙනස්ද..? මම නිහඬයි, ලැජ්ජයි... ඒ උනාට ඔයා එහෙම නෑ.. ඔයාට බයක්, සබකෝලයක් කියල දෙයක් නෑ... හරිම සද්දයි.. මගේම විරුද්ධ පදය...! ඒ උනාට මට සහතිකයි අපි කවදාහරි දවසක එකතු වෙනව, ඒ එකතුවෙන්නෙත් අපේ නොගැලපීම් හින්ද... එදාට අපිව වෙන් කරන එකනම් එච්චර ලේසි වෙන්නේ නෑ...!
...
පද නැත මතකෙට එන්නේ,
මුළු ඔළුවම අවුල් වී
සඳ නැත අහසට නැග්ගේ,
අද එහි රුව දෙවෙනි වී
තරු නැත තනිවී අහසේ ,
ඔබෙ රුව ඇත එහි ඇඳී
ඇය හමුවුණි; හද නැවතුනි;
විසේකාර රුවැත්තී...
...
...
//මම නිහඬයි, ලැජ්ජයි... ඒ උනාට ඔයා එහෙම නෑ.. ඔයාට බයක්, සබකෝලයක් කියල දෙයක් නෑ... හරිම සද්දයි.. මගේම විරුද්ධ පදය..//
ReplyDeleteමමත් ඔහොම හිටියා කාලයක්... ඒකෙන් කෙලඋනේ මට
මචන් උඹට හරියනවා.!!!!
සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
පස්වාන් දහසකට බුදු වේවා දේවයන් වහන්ස...
Deleteබලාගෙන හොඳේ
ReplyDeleteහොඳා හොඳා.... :D :D
Deleteනොගැලපීම් කලින්ම දැනගෙන ආදරේ කරද්දි වැඩේ ලේසියි.. පස්සේ ප්‍රශ්ණ එන්නේ නෑ..
ReplyDeleteහ්ම්ම්ම්.. ඇත්ත
Deleteඔහොම හිතපු මට නම් හරි ගියේ නෑ එත් උබට හරියයි කියලා ප්‍රාර්ථනා කරනවා.වැඩි බලාපොරොත්තු තියා ගන්න එපා මචන්
ReplyDeleteතැන්කු තැන්කු
Deleteමොකක්ද කීවේ.? විසේකාර රුවැත්තී කිව්වා. එක්කොත් කමක් නෑ මචෝ.කාට අහිමි උනත් සාදු මල් පිපියන් සැමදා. ජය..!
ReplyDeleteජයවේවා එල
Deleteමාත් එහෙමයි.
ReplyDelete:ඩි
Deleteසමාන ගති ලක්ෂණ තියන අයට වඩා අසමාන ගති ලක්ෂණ තියන අයට ජීවත් වෙන්න පහසුයි කියලයි මම අහල තියෙන්නේ.
ReplyDeleteඑහෙනං එළනේ
Deleteහ්ම් ඒක හොදයි නොගැලපෙන අය තමා එකට හමුවෙන්න ඕනෙ.එතකොට තමා ජීවත් වෙනවා කියලා දැනෙන්නේ.අනික අපි කොච්චර හිතුවත් කිව්වත් එයා මම වගේමයි කියලා ඒක එහෙමම නෑ. අපි හැමෝම එකිනෙකාට වෙනස් අපිට නොගැලපෙන තැන් කලින් අදුරගෙන ඒ ඒ දෙවල් වලට නම්‍යශීලි වෙන එක තමා හොදම දේ.මේ දෙ දෙපැත්තටම පොදුයි. අපි වෙනුවෙන් අපි හි හී
ReplyDeleteනියමයි අපි වෙනුවෙන් අපි... තැන්කු අක්කේ
DeleteH කිව්වේ ?
ReplyDeleteඉංග්‍රීසි හෝඩියේ 8වෙනි අකුර... :පි
Deleteනොගැලපීම් තමයි ගලප ගන්න ඕනි..
ReplyDeleteඒක තමයි ජීවිතය කියන්නේ..
+ + එකතුවෙලත් - - එකතුවෙලත් මෙලෝ රහක් නෑ කොහොමත්..
ReplyDeleteඒ වගේද + - එකතු උනොත්..
නොගැලපීම් ගලපාගෙන එකට ඉන්නවා කියන එක තමයි දක්ෂතාවය කියන්නේ..
පොදු සම්ප්‍රදායට එහා ගිය දෙයක් කරන්න පුළුවන් බුද්ධිමතුන්ට විතරයි..
ලොවෙත් ලොවෙත් තන්කිව් ආ.... :D :D
Delete