Apr 24, 2012

දුක කියන දේ ලේසියෙන් නැතිකරගන්න බේතක් සොයා ගැනේ..!







දුක... දුක කියන්නේ අකුරු දෙකේ සරල වචනයක් උනාට දුක විඳින්න උනාම ඒකෙ සරලත්වයක් පේන්න නෑ..! අපිට කොයි වෙලාවේ මොන වගේ ප්‍රශ්නයක් එයිද කියල කව්රුත් කියන්න දන්නේ නෑ!!! මේක ලියාගෙන යනකොට "දුක" කියනේ වචනේ වෙනුවට "ප්‍රශ්න" කියන වචනේ හොඳයි වගේ දැනෙනවා... ඉතින් අපි ඒ වචනේ යොදමු... ප්‍රශ්න ආපුවම හුඟක් දෙනෙක් තමන්ව දාල යනවයි කියන එක තමා පොදු මතය.. එහෙම වෙලාවට කව්රුත් මගේ ළඟ නෑ කියල හිතෙනවා... ඔව් සිරස FM වත් ළඟ නැතිවෙන වෙලාවල් තියෙනව....

ඉතින් ඔය වගේ ඕනෑම ආකාරයක ප්‍රශ්නයක්, සිත් තැවුලක් ආපු වෙලාවක ගන්න පුළුවන් බේතක් ගැන මම දැනගත්ත... අපේ ඉස්කෝලේ නේවසිකාගරේ මම ඇතුළුව කට්ටියකට ගොඩක් ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ද උනා.. ඒක කොච්චර ලොකුද කිව්වොත් අපේ දෙතුන් දෙනෙක්ට ඉස්කෝලෙන් අස්වෙන්නත් සිද්ද උනා... ඉතින් ඔය කියන කියන දවස්වල අපි හිටියේ ගොඩාක් ප්‍රශ්නවලට මැදි වෙලා.. හිතේ බයෙන් සහ දෙගිඩියාවෙන්.... හැබැයි අපේ බෝඩිම බලාගන්න සර් හොඳ මනුස්සයා... එයා ඉස්කෝලේ සර් කෙනෙක් උනාට හැම වෙලාවේම වගේ ගත්තේ ළමයින්ගේ පැත්ත... ඉතින් සර් අපිට බොහොම හොඳ දෙයක් කියල දුන්න මුළු ජිවිතේටම එන ප්‍රශ්න වලදී මුහුණ දෙන්න පුළුවන් විදියට....
 

සර් කාලයක් වැඩ කරල තියෙනව උගන්ඩාවේ.. ඉතින් ඔය රටේ රස්නෙයි, ආර්ථික දුෂ්කරතායි මැද්දේ ගොඩක් ප්‍රශ්න තිබ්බ කාලයක්ලු... ඒ දවස්වල ඔය ඉඩි අමීන් එහෙම පාලනේ කරන කාලෙනේ....මේ සර් එක්ක වැඩ කරන ජපන්නු තුන් දෙනෙක් ඉන්නවලු හැමවෙලාවෙම ෆුල් සොමියෙන්....උන්ටත් ප්‍රශ්න තිබිල තියෙනව... හැබැයි උන් කිසි ප්‍රශ්නයක් ඔලුවට ගන්නැතුව ආතල් එකෙ ඉන්නවලු... ඉතින් අපේ සර් උත් මුන් එක්ක ෆිට් උනාලු... ඉතිං කාලයක් ජපන්නු එක්ක ඉද්දි මේගොල්ලන්ගේ සතුටින් සිටීමේ රහස සර් දැනගත්තලු.... රහසක් කිව්වට ඒක මේ පුංචි පුරුද්දක් වගේ. මුන් තුන්දෙනා වැඩ ඉවර වෙලා නිමාඩු හම්බවෙන වෙලාවට ඇවිදින්න යනවලු කැලේ පැත්තේ... ඒ යන්නේ වතුර තියෙන තැන් හොයාගෙන.. ඉතිං වතුර තියෙන ඇලක් හරි වතුර වලක් හරි හොයාගත්තට පස්සෙ මුන් වතුරේ බැහැල ඉන්නවලු පැයක් විතර... ඉතිං ඔය පැය දෙක තුනේ උන්ගෙ ආගිය තොරතුරු කතා කර කර කාලේ කනවලු.. ඉතිං බලං ගියාම මේක තමයි මුන්ගේ සතුටින් සිටීමේ රහස.....                                                 

  වතුර

වතුර කියන්නේ මහ පුදුම දෙයක්.. මිනිස්සුන්ට වෙන මොනවා තිබුනත් වතුර කියන දේ නැතුව ජිවත් වෙන්න කොහෙත්ම බෑ... වතුර වලට වෙන ආදේශකයකුත් නෑ... ඒක හොඳටම තේරෙනවා ගොඩක් තිබහ වුනු වෙලාවක ගිහින් බීම එකක් බිල බලන්න වතුර තිබහ යනවද කියල... එකෙන් වෙන්නේ බඩ පිරෙන එක විතරයි.. එතකොට තව වතුර බොන්න හිතෙන්නේ නෑ.. මිසක් ඒකෙන් වතුර තිබහ යන්නේ නෑ...

වතුර ගැන කතා කළා ඇති.. ඉතිං ඔය ක්‍රමේ අපිටත් හරි ගියා.... අපි වතුර වලවල් හොය හොයා කැලෑ ගානේ ඇවිද්දේ නෑ.. අපි ගිහින් හොඳට නා ගත්ත බෝඩිමේ බාත්රූම් එකෙන්...  ඔව් පැයක් එකහමාරක් විතර එකදිගට නෑව.. කිසිම ලෙඩක් නං හැදුනෙ නෑ... 

ඉතිං මොකක්හරි ප්‍රශ්නයක් හරි සිත් තැවුලකට හරි මැදි උන වෙලාවක යන්න ලඟම තියෙන ලිඳට හරි බාත්රූම් එකට... ඇලක් හරි වැවක් හරිනම් ගොඩක් ශෝක්.. නාන්න ඇඟේ හැමතැනක්ම වතුරෙන් තෙත් වෙන විදිහට.... පැයක් දෙකක් හරි කමක් නෑ.. සමහර විට ඊට වැඩි වෙන්නත් පුළුවන්.. එක්කෝ ඔබේ සිත් තැවුල දුරු වෙලා සහනයක් ලැබෙයි නැත්තම් ප්‍රශ්නෙට පට්ට විසඳුමක් පහළ වෙයි..!

                                                           අත්දුටුවයි! සත්තයි!

11 comments:

  1. පොඩ්ඩක් ඉන්න මම නාගෙන එන්නම්.... :)

    ReplyDelete
  2. අෆ්ෆා විද්‍යාව පොතේ H2O කියලා තිබ්බට දරුණුවට තිබුණට .මෙහෙම දෙයක් තිබුණේ නෑ නොවැ. එල එල අනාගතේ දුකක් ආව ගමන් පනිනවා වැවේ හරි ගඟේ හරි ( ගිලිලා මැරුණොත් උඹ තමා ) :P

    ReplyDelete
  3. මෙහෙම සීන් එකක් අදමනේ ඇහුවේ හෑ.කොරලා බලමු

    ReplyDelete
  4. @චූටි පුතා: මැරියන් මම නෑ..!

    @නිශාන්: කොරල බලල හරිගියාද කියන්නකෝ...! :)

    ReplyDelete
  5. හරි මම දැකල තියෙනවා මී හරක් එහෙම වතුර වලක බැහැල ඉන්නවා. ඒ කියන්නේ උන්ට කොහොම ප්‍රශ්න ඇතිද?..

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්න පත්තර පිටින් ඇති නේ?

      Delete
  6. අනේ මේක කලින් දැනගෙන හිටියෙ නෑ නොවැ එහෙම දැනගෙන හිටියනම් නාලා නාලා මම මෙලහකට දියවෙලාම ගිහිල්ලා හික්ස්

    ReplyDelete
    Replies
    1. එච්චරටම ප්‍රශ්න නේ..? :D

      Delete
  7. නාගෙනම ඇවිත් කොම්මෙන්ට් එකක් දාන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. හා හා නාගෙන එන්ටකෝ...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...