Apr 27, 2012

වත්තෙ නීතිය සහ සිත්තියාගේ කඳුළු...




සිත්තියා සුර දෙවඟනේ...
දෑස නිල්, දිගු වරලියේ...
ලැයිමෙ ගෑණුන් පදේ හැදුවද,
මොකද අඬ අඬ කළුවරේ...?

රැඳෙන නිතරම උඹ වටේ...
වත්තෙ කොල්ලන් හැතිකරේ...
නැද්ද උන් ගැන උඹට ගානක්,
අගුල දාගං ලී දොරේ...

තට්ට තනියම උඹ පැලේ...
කොහෙද උඹෙ මිනිහා ගියේ...?
වත්තෙ ලොක්කන් මාරු කෙරුවද,
ඌව ඈතට කඳුකරේ...?

මීදුමෙන් පිරි ගොම්මනේ...
බංගලාවට උඹ ඇදේ...
පැදුරෙ නැති සැප මෙට්ටෙ දෙනවද,
සින්න දොරයගෙ කාමරේ...?


මිට අවුරුදු එකහමාරකට පමණ පෙර යහළුවෙකු සමඟ රාගල පිහිටි තේවත්තකට ගියෙමි. එහි සුපිරින්ටන්ඩන් වරයා මගේ එම මිතුරාගේ සහෝදරයාගේ මිතුරෙක් වේ. එහිදී ඌ කිව් මේ කතාව මගේ හද පසාරු කරන්නට සමත්විණි. ඒ වෙලාවේ ඔහුට මුවින් නොබැන්නත් සිත ඇතුලින් වෛරයක්‌
සමග මෙම ගැහැණිය පිලිබඳ අනුකම්පාවක් හට ගැනුනි.මෙහි සඳහන් කර ඇති සින්න දොරේ මා පෙර කිව් සුපිරින්ටන්ඩන් වරයා වෙයි. කවියේ සඳහන් සියල්ල ඇත්තටම සිදුවූ දේවල්ය, බොහෝ විට දැනුත් සිදුවෙමින් පවතිනු ඇත...

~ මාතරේ

16 comments:

  1. සල්ලි නැති කම තමා හැමදේකටම මුල

    ReplyDelete
  2. සාමජෙ ගැන මෙහෙම සනුකම්පිතව බලන එවුන්ට ආයේ මොන උලව්වකට බනින්නද ආයුබෝං....

    කවි පොඩ්ඩ පපු කැවුත්තෙ පතුලටම දැනුනා

    ReplyDelete
    Replies
    1. පපු කැවුත්ත හිර වෙයි බලාගෙනයි.. :D :D :D

      Delete
    2. බොරුවට කිව්වේ ඈ...! හැඟීම්බර වචන වලට ස්තුතියි..! :)

      Delete
    3. හැගුම් බරද???? අනේ මන්දා.... මීගොඩයට ඔය හැගුම්බරයි කියල කිව්වමයි මයෙ හිතේ....

      Delete
  3. ඔය වගේ දේ හැම තැනකම වෙනවා බන් :(

    ReplyDelete
    Replies
    1. වැඩේ කියන්නේ එහෙව් එකෙක්ව මුනටම හම්බවෙච්ච එක....

      Delete
  4. මීදුමෙන් පිරි ගොම්මනේ...
    බංගලාවට උඹ ඇදේ...
    පැදුරෙ නැති සැප මෙට්ටෙ දෙනවද,
    සින්න දොරයගෙ කාමරේ...?

    මැවිලා පේනවා ඈ... :-))))

    ReplyDelete
    Replies
    1. ආයෙ ඕව මව මව බලන්න එපා ඩෝ...

      Delete
  5. හිතට මහා දුකක් දැනුනා කවදාවත් කාටවත් නිවැරදි කරන්න බැරි මේ අහස පොළව නුහුළන අපරාද කොතෙක් වෙනවද මේ මොහොතෙත්.හැහුනුන්ගේ අසරණ කමින් ප්‍රයෝජන ගන්න නොමිනිසුන් පස්සෙ දොස් කියන්නෙත් ගැහැනුන්ටමනෙ

    ReplyDelete
  6. දුප්පත් කම තමා ගොඩක් දේවල් වලට හෙනේට හිටින්නේ.
    මොනා කරන්නද !!!

    ReplyDelete
  7. කවි පෙලනම් ඇත්තටම ලස්සනයි.. තේ වතු වල මේ දේවල් ගොඩක් වෙලාවට අහන්න ලැබෙම දේවල්..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...