කරුණාකර සවන් දෙන්න. මම තාම කැම්පස් ගිය එකෙක්වත් එහි යාමට සුදුසුකම් ලැබූ එකෙක්වත් නොවේ. මම තාම පාසලක ඉගෙන ගන්නා එකෙක්මි. පහත සඳහන් දෑ හුදෙක් රසවින්දනය සඳහා මිස මා ගැන ගැඹුරින් දැකීමට නොවේ! පහත දෑ, අන්තර්ජාලය ඇවිස්සීමෙන් සහ අනෙක් බ්ලොග් අඩවි කියවීමෙන් ලබාගත් කෑලිය...!
හන්තානට පායන සඳ ලස්සනයිද බලන්න
ජපුරේ මෙන් මටම තුනක් දාගෙන රස විඳින්න
කොළඹින් හරි පොෂ් බඩුවක් අරගෙන චැට් කොරන්න
ආසයි මට කෙදිනක හෝ කැම්පස් ගොඩ වදින්න
අයියලාට ඕනේ තරම් නවක වදය කරන්න
ඊළඟ වසරේ අපටත් චාන්ස් එකක් ලැබෙන්න
උද්ඝෝෂණ, පිකටින්, වර්ජන ඕනේ තරම් කරන්නආසයි මට කෙදිනක හෝ කැම්පස් ගොඩ වදින්න
ලවර්ස් ලෙන් වල ඇති පුටු නොමඳව රත් කරන්න
කජු කැල වල සිරී පාදේ පාළුව නැති කරන්නමල්වත්තේ වවුල් කැලේ අඳුර මැදින් දුවන්නආසයි මට කෙදිනක හෝ කැම්පස් ගොඩ වදින්න
නිදි මර මර අඩ සිහියෙන් ලේක්චස් වල ඉඳින්න
රෑ වෙනකන් හොස්ටල් වල පාඩම් වැඩ කරන්නහිතෙට හිතෙන ගතට දැනෙන කුරුටු වදන් කොටන්න
ආසයි මට කෙදිනක හෝ කැම්පස් ගොඩ වදින්න
පැතලි හැඩැති කළු තොප්පිය දාගෙන ජොගි නටන්න
රෝල් කරපු ඩිග්රි කොලේ ඇරගෙන කයි ගහන්න
සමාජයේ පුංචි තැනක් මටම කියල හදන්න
ආසයි මට කෙදිනක හෝ කැම්පස් ගොඩ වදින්න
යන්න යන්න ගිහින්ම බලන්න:)
ReplyDeleteහී.... නොඉවසිල්ලෙන් බලා සිටිමි...!
ReplyDeleteමෙම වර්ෂය වන තෙක් විශ්වවිද්‍යාලවලට විදේශ සිසුන් බඳවා ගැනීමේ ප්‍රතිශතය වූයේ සියයට 0.5 කි. එසේ නමුත් වත්මන එම බඳවා ගැනීමේ ප්‍රතිශතය සියයට 5 දක්වා වර්ධනය කර ඇත.
ReplyDeleteහොඳට පාඩම් කරන්න
අක්ක ඔයා මේ ගැන ලියපු පොස්ට් එක කියෙව්ව, පාර එන්න එන්නම පටු වෙනව වගේ!
ReplyDelete