Oct 21, 2011

ආදරේ නිකං X වගේ




ආදරේ නිකන් මොකක් වගේද? එක එකාට එක එක විදිහට හිතෙනව. ආදරේ ඇත්තටම ඕනේ විදිහකට හිතන්න පුළුවන්. ඔන්න ආදරේ ගැන මට හිතෙන එව්ව.


 ආදරේ නිකන් ආප්පයක් වගේ! මුල ටිකේදී හයිය උනාට ඇතුලට යද්දී හරිම සිනිදුයි.

ඇයි ආදරේ නිකන් පාන් රාත්තලක් වගේනේ... පිටි* උඩ යද්දී ගණන් ඉබේම වැඩිවෙනවා!!! 


එතකොට... මෙහෙම කියන්නත් පුළුවන්. ආදරේ නිකං මදුරු දැලක් වගේ! දැල හයිය වෙන තරමට වටේ බලන් ඉන්න මදුරුවන්ට ඇතුලට රිංගන්න අමාරුයි.

ම්ම්ම්... ආදරේ නිකං පිපිඤ්ඤ කරලක් වගේ. හොඳට අතගාල ලුණු එහෙම දාල ගත්තම මාර රහයි. හැබැයි ගත්ත ගමන්ම ගිල්ලොත් පට්ට තිත්තයි.

ආදරේ නිකං සොෆ්ට්වෙයාර් එකක් වගේ කියල කියන්නත් පුළුවන්; නිතර නිතර අප්ඩේට් කරන්න ඕනේ නැත්තම් එක්ස්පයර් වෙනව....

ඇයි ආදරේ නිකං ටොරන්ට් එකක් වගේ කිව්වත් වැරදි නෑ. සපෝර්ට් එක දෙන සීඩර්ස්ල ඉන්න තරමට සාර්ථකයි. හැබැයි අකුල් හෙලන ලීචර්ස්ල ඉද්දී පොඩ්ඩක් පමා වෙනව.

ආදරේ නිකන් චුයින්ගම් එකක් වගේ කියල අර්ථ දක්වන්නත් පුළුවන්, හප හප ඉද්දී කාලයත් එක්කල රස නැති වෙලා යනව!

ආදරේ නිකන් බැලුන් බෝලයක් වගේ! මම එහෙම කිව්වේ බැලුම් බෝල හුඟක් පුම්බන තරමට තමා නියම ලස්සන දැනෙන්නේ, හැබැයි ඕනෑවට වඩා පුම්බද්දී ලොකූ සද්දෙකුත් එක්ක ඇස් ඉස්සරහම පුපුරනව

ආදරේ නිකන් රිමෝට් කොන්ට්‍රොලර් එකක් වගේ කියලත් කෙනෙක් කියන්න පුලුවන්. දුරක ඉඳගෙන උනත් සමහර දේවල් වෙනස් කරන්න රිමෝට් එකට පුළුවන්නේ...

ආදරේ නිකන් පීසා කුලුන වගේ කියලත් සමහරු කියන්න බැරි නෑ. මාර උසයි තමයි හැබැයි කොයි වෙලාවේ වැටෙයිද කියල ෂුවර් නෑ!!!

ඇත්තටම ආදරේ කියන්නේ හැමදේම...!

*පිටි සුදු පාටයිනේ :)

No comments:

බයින්න තියෙනවනං කෙලින්ම බයින්න; හොන්දයිනං ඒකත් කියන්න; ඕනේ මඟුලක් වෙන්න කියල කොමෙන්ට් කට්ටක් දාලම යන්න...

Related Posts Plugin for WordPress, Blogger...