Oct 20, 2011

ආදරේ කරද්දී මෙහෙම එව්වත් සිද්ද වෙනව




එදත් සුපුරුදු පරිදි මම යාළුවොත් එක්ක ක්ලාස් එක ඇරිලා මහපාරට එන පාර දිගේ හෙමින් හෙමින් ආව. යාලුවෝ සෙට් ඒකෙන් හිමීට කැපිල එයා ලඟට එන්න හිතුනේ එයා තනියම හිටපු නිසා වෙන්නැති. ඇරත් මට එයා ලඟට එන්න ලයිසන් ඕනෙත් නෑනේ. ඒක අපේ පන්තියට එන හැමෝම දාන්න රහසක්.

පිටිපස්සෙන් ගිහින් ඔලුවට ටොක්කක් ඇන්නම් වෙනදට ඌයිය කියල මටත් ටොක්කක් අනින එයා  එදා ඇනපු ටෝක්කට මුකුත් නොකිය හිස් බැලමකින් මගේ ඇස් දෙක දිහා බලපු හැටි අද වගේ මතකයි. ඒ මූණ ඔයාව ආශ්‍රය කරපු මුළු අවුරුදු එකහමාරටම මම දැකල තිබ්බේ නෑ. එදා ඔයාගේ ඇස් දෙකේ හැංගිලා තිබ්බේ බයද, දුකද නැත්තම් අසරණකමද කියල මට එදා එකපාරටම හිතා ගන්න බැරිඋනා.

"මොකද බං ඔය විදිහට බලන්නෙ? අදුනන්නේ නැති එකෙක් වගේ"

"මේක මහ පිස්සුවක්
ලහිරු"

"ඇයි දැන් මොකක්ද පිස්සුව?"

"අපේ ආදරේ තමා"

"කව්ද ඒක එහෙමයි කියන්නේ?"

"මම"

ඇත්තටම මම ඒ වෙලාවේ පොඩ්ඩක් ගොළු උනා. මොකද එයා ඒ විදිහට අපේ ආදරේ බාල කරලා කතා කරපු පලවෙනි දවස එදා හන්ද.

"ඔව්! අපි ගොඩක් හොඳින් හිටිය තමයි ඒත්"

"ඒත් ?"

"ඒත් මට හිතාගන්න බෑ"

"මොනවද හිතා ගන්න බැරි?" 

"ඉහි.. ඉහි.." එයා ඉකි ගගහ අඬන්න පටන්ගත්ත. වෙනද විදිහටම එයාගෙම ලේන්සුව අරගෙන එයාගේ කඳුළු පිහදාන්න මට උනා. 

"අයියෝ... ඔහොම අඬන්න එපා ලමයෝ මිනිස්සු බලන් ඉන්නවනේ අනික මේ මහපාරේ!"

"කව්රු බලන් හිටියත් මට මොකෝ?" අපි දිහා බලන් හිටිය අක්ක කෙනෙක්ට රවන ගමන් එයා මගෙන් ඇහුව

"හරි හරි... දැන් කියන්නකෝ... මොකක්ද ප්‍රශ්නේ?"

"අපේ ගෙදරින් හැමදාම බනිනව ගණන් වලටයි ෆිස්ක්ස් වලටයි ලකුණු අඩුයි කියල ලහිරු!"

"ඔය බැනුම් වලට බය වෙලා හරියන්නෑ කෙල්ලේ. ඔයා දන්නවනේ ඔයාට කරන්න පුළුවන් කියල?"

මුකුත් නොකියම එයා ඔලුව වැනුව.

"එහෙනං එච්චරයි! දැන්වත් හිනා වෙලා ඉදින්කෝ!"

"ඒත් මට ගෙදරින් කියනව ඔයා එක්ක තියෙන සම්බන්දෙ නිසාලු මේ ඔක්කොම?"

"මොකක්! ඔයා ගෙදරටත් මං ගැන කියලද තියෙන්නේ?"

"ඔයා දන්නවනේ ලහිරු මම ගෙදරට මුත් හංගන්නේ නෑ කියල!"

"කමක් නෑ කමක් නෑ පිස්සු විකාරේ! ඒත් මොකක්ද අර සම්බන්ධයක් නවත්තන කතාව?"

"ඔව් තාත්ත කිව්ව අදම ඔයත් එක්ක කතාකරගෙන මේක නවත්තන්න කියල"

"හ්ම්ම්... ඒකත් එහෙමද? ඒත් මම දන්නව මගේ පැණි බුන්දිය මාව දාල යන්නේ නෑ කියල"

"මට සමාවෙන්න ලහිරු අම්මලට පිටු පාන්න මට බෑ!"

මුළු ජීවිතේටම අහපු එපාම කරපු වචන ටික වෙන්නැති ඒ. පපුව හෝස් ගාල ගියා!!! මුකුත් නොකියම මම අතින් මුණ වහගත්තේ තවත් එයාගේ මුණ බලන් ඉන්න ලැජ්ජ හිතිනු හන්ද

ඒත් එකපාරටම...

"හි හි හි හි හි හි හි හි හි හි හි"
"අනේ ලහිරු ඕකට ඔච්චර මූඩ් ගැහුවද? අයියෝ පිස්සු පූස! මම විහිළුවක්නේ මෝඩයෝ කලේ!"

මේ මොකද මේ වෙන්නේ? ඇත්ත තත්වය අවබෝධ කරගන්න මට පොඩ්ඩක් වෙලා ගියා! මේකි ඇත්තටම විහිලුවක්ද කරලා තියෙන්නේ?

"මොනවද කොල්ලො තව හිතන්නේ? යමුද දෙන්නත් එක්ක සරසවි එකට? ප්‍රශ්න පත්තර වගයක් ගන්න තියෙනව."

දැන්නම් මගෙ හිතට පොඩ්ඩක් සහනයක් දැනුන. ඒත් මේක ඇත්තටම විහිලුවක්ද කියල සැක හැර දැනගන්නත් ඕනේ.

"ආයේ මේ වගේ විහිළු කරන්න එපා!"
"තේරුනාද?" ඔලුව මැදට හයියෙන් ටොක්කක් අයින ගමන් මම ඇහුව

"ඌ...යියා"

අනිත් පැත්තට මට ප්‍රති ප්‍රහාරයක් ලැබුන.

8 comments:

  1. එල ඇ.. මම හිතුව තව පවුලක් කෙල උනා කියල.. මේ ටිකේ ගොඩාක් උන ඕක ගැන ලියනවනේ
    ජය...

    ReplyDelete
  2. @ගයාන් අපි එහෙම අසරණ උන්ට කෙල වෙන්න දෙන්නේ නෑ...! හික් හික්

    ReplyDelete
  3. හිකිස්,,, මාත් බය වුනා...

    ReplyDelete
  4. @ප්‍රර්ථනා හැබෑට?

    ReplyDelete
  5. හික්ස්..හොඳටම බය කරනවනේ??
    කොහොම උනත් ඇත්ත වාගෙ කියල තියෙනවා..
    :ඩි

    ReplyDelete
  6. @ගිනි බය උනාද? තැන්කූ තැන්කූ...! :)

    ReplyDelete
  7. ඔව් ඔව් හොඳටම බය වුනානේ..:ඩි
    එක නෙවෙයි මාතරේගේ ගම මාතරද???

    ReplyDelete
  8. නුවරත් ඉන්නව කුරුණෑගලත් ඉන්නව...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...