Oct 18, 2011

නුග සෙවනේ කර්ම පලදෙන හැටි කියා දුන්නු අපූරුව!




මේක ලියන්න පටන් ගත්තේ අද උදේ නුගසේවනේ ගිය ජ්‍යෝතිෂය වැඩසටහනක් බලල ඉවර උනාට පස්සේ. වැඩසටහන මෙහෙයවපු කස්ටියනම් කිව්වේ අද සංවාදයට සහභාගිවුණු එක්කෙනා ප්‍රවීණ ජ්‍යෝතිශවේදියෙක්ලු. එයාගේ නමත් කිව්වා. හැබැයි ඒක මෙතන පල කරනඑක හොඳ නැති හන්ද දාන්නේ නෑ.

කතාවේ මාතෘකාව සහ අන්තර්ගතය උනේ කර්ම පල දීම.

ඔන්න ඉතින් මේ කියන කර්ම ගැන හොඳ විස්තරයක් එහෙම දුන්නට පස්සේ මේ කියන මහත්මය කතා කරන්න පටන් ගත්තේ ආත්ම ගණන් පල දෙන අකුසල් පිළිබඳව. මම ඒකට ඒ මහත්මයාම දුන්න උදාහරණයක්‌ දෙන්නම්. 
  

හිතන්න පෙර ආත්මයක මිනිස්සු කට්ටියක් එකතු වෙලා මිනියක් මරනවා, නැත්තම් තවත් පුද්ගලයෙකුට එයාගේ මුළු ජිවිත කාලෙම විඳවන්න සිද්ද වෙන ලොකු සිත් තැවුලක් ඇති කරනවා. එහෙම කලත් මේ අපරාධය කරපු මිනිස්සුන්ට ඒ ආත්මෙදි පොලිසියෙන්වත් කර්මයෙන්වත් කිසිම පල විපාකයක් ඇත වෙන්නේ නෑ. ඒ ගොල්ලෝ හිටපු විදහටම සුව පහසු සැප ජිවිතයක් ගත කරනවා.

ඔන්න ඉතින් කාරණා ඔහොම තියෙද්දී මේ ගොල්ලෝ මේ ආත්මෙදි සාමාන්‍ය විදිහට මැරිල ඊළඟ ආත්මේ උපදිනවා. හැබැයි මේ ඉපදෙන්නේ නිකන්ම නෙමේ. අර අපරාධය කරන්න හවුල් වෙච්ච කට්ටියගෙන් එක්කෙනෙක්, ඒ අපරාධය කරන්න හවුල් වෙච්ච තවත් එක්කෙනෙක්ගේ කුසේ පිලිසින්දගන්නවා. කාලය ගෙවිල යද්දී දරුවා බිහිවෙනවා. හැබැයි මේ ඉපදෙන දරුව උරුම කරගෙන එන්නේ කෙටි ආයුෂ ප්‍රමාණයක් ඒක හන්ද මේ දරුව අඩුවයසේම ආයු කෙලවර වෙලා මියයනවා. ඉතින් මේ අම්ම ඒ කියන්නේ ගිය ආත්මෙදි අපරාධයකට සම්බන්ධවුණු එක්කෙනා තමන්ගේ මුළු ජිවිත කාලයම දුක් විඳිනවා. රෑට නින්ද යන්නේ නෑ. සමාජයෙන් නොයෙක් කුණු බැනුම් අහන්න සිද්ද වෙනවා. ඉතින් මේක තමා කර්ම පලදීම පිළිබඳව මේ කියන ජ්‍යෝතිශවේදී මහත්මය කියූ උදාහරණය.

උදාහරණය කෙසේ වෙතත් මේ මහත්මය එතනින් නැවතුනේ නෑ. ඊට පස්සේ සංවාදයට හවුල් කරගත්තේ අපි කාගේත් සිත් වල තාම දෝංකාර දෙන සුනාමිය. මේකෙදි අහිමි වුනු ජිවිත සංඛ්‍යාව අති මහත්. අපි කව්රුත් ඒක දන්නව. ඉතින් මේ මහතා මේ සුනාමියෙන් පවුල් වල ඥාතීන් සේරම අහිමි වුනු, දේපල කියල කියන්න කිසිවක් නැති, දන්නා කියන කව්රුත් නැති, තාමත් අනාථ කඳවුරු වල ජිවත් වෙන අහිංසකයන් මේ විදිහට අසරණ උනේ කොහොමද කියල කියන්නත් අමතක කලේ නෑ.



මහත්මයට අනුව නම් මේ ඒ ගොල්ලෝ පතාගෙන ආපු දේවල්. ඒවා නවත්වන්න අපි කාටවත් බෑ! ඒ ගොල්ලෝ ඒ දුක විඳින්න ඕනේ, නැත්තම් ඔවුන්ට අර කියපු පෙර ආත්මේ අකුසලයෙන් බේරෙන්න විදිහක් නෑ.! 




ඔය ටික කියද්දී තමා මගෙ පපුව හෝස් ගාල ගියේ. ඕක අහගෙන හිටපු කටත් එහෙම හිතෙන්න ඇති. ඇයි වදේ පුදුම කතාවක්නේ මේ! මේක ඒ අසරණයෝ පෙර ඇතමෙක පතාගෙන ආපු කරුමයක් වෙන්නැති. ඒකට ඉතින් අපිට කරන්න දෙයක් නෑ තමා. ඒත් මේගොල්ලෝ මේ දුක විඳින්න ඕනේ කියල කියපු කතාව? මේක මට ලොකු අසහනයක් උනා. උදේ හවස බුදුන් වදින මේ වගේ එක්කෙනෙක්ගේ කටින් ඒ වගේ අනුකම්පාවිරහිත කතාවක් එලියට පැන්න හැටි!

මේක හුඟක් බැරෑරුම් ප්‍රශ්නයක්. මොකද මේක ප්‍රසිද්ද රුපවාහිනී වැඩසටහනක පළවූ එකක් හන්ද. මේ වගේ සැප ඒසී කරපු ස්ටුඩියෝ කුටියක ඉඳල ලෝකේ දිහා බලන කට්ටියට ඕනේ තරම් දේවල් කියන්න පුළුවන්. ඒවායේ දිග පළල ඒ අයට තේරෙන්නේ නෑ. තේරුනත් ඒ ගොල්ලන්ට ඒවා කමක් නෑ! ඕක තමා අද ලෝකේ හැටි. මේවා නරඹන අපි පොඩ්ඩක් බුද්ධිමත් වෙන්න ඕනේ. හුඟක් නෙමේ චුට්ටක්! මොකද හුඟක් බුද්ධිමත් අයට තමා මේ වගේ නොදැනුවත්වම වැරදි දේවල් කියවෙන්නේ.

මේක ඇවිල්ලා මගෙ පොයින්ට් ඔෆ් විව් එක (ඒ කිව්වේ මගෙ දෘෂ්ටිකෝණය). ඔය ගොල්ලන්ගේ අදහස් ඊට වැඩිය වෙනස් වෙන්න පුළුවන්. ඒකෙ කිසිම වැරද්දක් නෑ. අපි ඔක්කොම මිනිස්සුනේ!!!

5 comments:

  1. thaman karana paw kawadahari thamanma gewala iwara karanne oone.eka wedanakaree athdakeemak wenna puluwan eth ehema kiyala galawillak na.gewalama iwara karane oona.oka thamai sansare hati.katawath ba panala yanne.

    ReplyDelete
  2. ඔව් සහෝදරයා ඒක තමා මම කිව්වේ, එක එක අය එක එක අදහස් දරන්න පුළුවන්. මේකත් එවැනි අදහසක්. කොහොම උනත් ප්‍රතිචාර දැක්වුවට ස්තුතියි...!

    ReplyDelete
  3. ඔය ජරාව පටන් ගන්න කොටම කරන්න තියෙන වැඩේ දන්නේ නැද්ද?
    අර රිමෝට් එකේ රතු බොත්තම ඔබන්න.

    ReplyDelete
  4. හික්... ඔන්න අනිත් විදිහ!!! ස්තුතියි කතන්දර කොමෙන්ට් එකට...

    ReplyDelete
  5. බුදු දහමට අනුව දෙයක් සිදු වීමට හේතු වන නියාම  ධර්ම හතරක් තියෙනවා.  උතු නියාමය, බීජ නියාමය, ධම්ම නියාමය, කම්ම නියාමය. ඔතනින් කර්මය අයිති වෙන්නෙ කම්ම නියාමයට,  දෙයක් සිද්ද වෙන්න තව විදි තුනක් තියෙනවා...  

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...