***
ලපටි රන් තැඹිලි හිරු රැස්
වැටෙන ගලා
දිනක උදෑසන මම නුඹ
දුටිමි එදා
සැනෙක උදර ගැබ ඇතුලෙන්
හිරි වැටුනා
ප්‍රේම කළා නොව මා නුඹ
අගය කළා
වගුරු බිමක් තුල ඔබ
සියපතකි නැවුම්
පඳුරු ගොඩක් මැද ඔබ මහ
රුකකි උතුම්
නිතර දොඩන මුව හෙනගෙඩි
අකුණු තරම්
කෝලම් දෑස හිමිකරගන්න
ලොබ බැඳිමි
නෙත්යුග ගැටෙන විට එය
සඟවනු නොහැකී
ආලේ සුන්දරම කාලය
මෙය සොඳුරී
පිළිතුර දත් පැනය ඇසුවෙමි
මම ලතැවී
වෙනසක් ලදිමි නුඹගෙන් නුඹ
නෑ දන්නේ
හිමිනැති ප්‍රේමයයි සැමදා
පවතින්නේ
ඔබ හට මගේ සිතතුළ
නිමැවුන මැදුරේ
වෙනකෙකු බලෙන් රඳවාගෙන
මම රැවටේ
***
~ මාතරේ.
This comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete