***
වැදුමට හැකිව හදනට බැරි වූ ලප ටී
වැදුමට හැකිව හදනට බැරි වූ ලප ටී
පොඩි උන් සමඟ අපි මෙහි වෙයි මුල සිට දී
මව් පිය නැතිව නැත ලොව කිසිවෙකු බිහි වී
කොයිබද මව්නි ඔබ අප හැර ගියෙ පෙර දී
මව් පිය නැතිව නැත ලොව කිසිවෙකු බිහි වී
කොයිබද මව්නි ඔබ අප හැර ගියෙ පෙර දී
නලවන් නැතිය අප හඬනා විට එකෙ කූ
මැනලයි අපිට කිරි දෙන්නේ මුන් මසු රූ
නැත කිසි දෙයක් අප හට උපතින් ලැබු නූ
පින්මද පුතුන් වෙද අපි ලෝකෙට නිස රු...?
***
~ අනාථයා වෙනුවෙන් මාතරේ...
සංවේදී කවි පෙලක් මලයෝ....... මේ කවි ආර මරු...
ReplyDeleteස්තුතියි මීගොඩ මාමේ... :D :D
Deleteඅත්වැරදීමකින් මා බිහිවූවද නිගරූ
ReplyDeleteපින්මද පුතෙක් වූවද නුඹ හට නිසරූ
මට නම නොදී මා පිය වූවද නපුරූ
අම්මේ නුඹ වුනේ ඇයි මේ ලෙස කුරිරූ
ඔන්න ඕක පලවෙනි කවිය වෙනුවට දාන්න තිබ්බ එළිසමය 'ඌ' ස්වරයෙන්ම තියාගෙන යන්න... :)
Deleteස්තුතියි අක්කේ...
එල එල මචෝ ඔහොම යං (තෝ ඉස්කෝලේ යන්නැතුව කවි ලියනවා නේ අහුවෙයන්කොව් :P )
ReplyDeleteහෑ...! ඉඳල හමාරයි..!
Deleteපින්මද පුතුන් වෙද අපි ලෝකෙට නිස රු...
ReplyDeleteනැහැ නැහැ අනාතයෝ වුනා කියලා හැමෝම එහෙම වෙන්නේ නැහැ බන්
ඇත්තටම එහෙම වෙන්නෙ නෑ.. ඒ ගොල්ලොත් මහන්සිවෙලා මොනවහරි කරගත්තොත් ලොකු තැනකට යන්න පුළුවන්..
Deleteහිතට දැනුන කවි පෙලක් මාතරේ..
ReplyDeleteස්තුතියි සහෝදරයා...
Delete