Mar 28, 2012

ඇල් ටී ටී ඊ ඉතුරු කර ගිය දෑ බලන්නට ගියෙමි... (පින්තූර සහිතයි)

මුලතිව්, පුදුකුඩිඉරිප්පු, මුත්තූර්, නන්දිකඩාල්, පරන්තන්, වෙල්ලමුල්ලිවයික්කාල්, සාම්පූර්.... අහල පුරුදු නම් ටිකක් නේද? 2009 මැද හරිය වෙනකොට ටීවී එකේ තිස්සෙම ඇහුන නම් ටිකක්... ඉතින් යුද ජයග්‍රහණයේ උණුසුම ටිකෙන් ටික මැකිලා යද්දී පවුලේ උදවියත් එක්ක ගියා ඔය පැත්ත බලල එන්න...

අව්ව හරිම අවුල්..! ඊට හපන් දූවිල්ල... ඉවසන්න බෑ.. හරියට නිකං පහුගිය කාලේ P අකුරට F අකුර මාරු කරගත්තු උන් FB chat කරනව වගේ..  

***
X: kohomada?

Y: aaah.. fatta fatta

X: eka neme bn. mata fatta kallak set unane langadi

Y: fala fala do yanna...

X: boru neme yako... foddak hitapan mama photo ekak fennannam....

...

Y: ado.... fattane.. mata folawa falagena yanna hithenawa oi! :O

***

හැබැයි කව්රු හරි යනවනම් අප්‍රේල් මැද හරිය වෙන්න ඉස්සෙල්ල යන්න.. මොකද අප්‍රේල් මැද වෙද්දී මේ ඔක්කොම නටබුන් හා සුන්බුන් බුල්ඩෝසර් කරනවලු.. එතකොට මුකුත් බලන්න හම්බවෙන්නේ නෑ...! මෙන්න යටින් තියෙනවා පින්තූර ටික ට්‍රිප් එකේ...



                                                 මුහුදු කොටි නායක සුසෙයි ගේ නිවස
                               

සුසෙයිගේ පුළුන් පුරවපු කොටියා

සුසෙයිගේ කාමරයේ ඇති අල්මාරිය.. මෙහි ඇතුලින් රහස් උමගකට පිවිසිය හැකිය

මෙය බිත්තියකි
 සරුවට වැවෙන කැරට්.. 

එම ප්‍රදේශයේ සෑම නිවසකම පාහේ මෙවැනි සිදුරු ඇත... මේවා වෙඩි වැදීමෙන් සිදු වූ ඒවාය




 පිහිනුම් තටාකය... මුහුදු කොටි කිමිදුම්කරුවන් පුහුණු කිරීමට සාදන ලද්දක්ය...අඩි 22ක් ගැඹුරුය

 එයමය...

 අඩි 22ක් ගැඹුරු තටාකය...


පුදුමාතලන් පස් බැම්ම.. කොටින් විසින් සාදන ලදී
විනාශ වී ඇති වාහන

සබ්මැරින් පර්යේෂණ කිරීම සඳහා සාදා ඇති අංගනය.. 

විනාශ වී ඇති වාහන

 ෆාරා 3 නෞකාව. ජෝර්දාන නැවක් වන මෙය මුලතිව් අසල මුහුදේදී කාර්මික දෝෂයකට මුහුණ පා ඇත.. කොටි ත්‍රස්තවාදීන් මෙය අත්තඩංගුවට ගෙන මෙහි තිබු ආහාර ද්‍රව්‍ය කොල්ලකා ඇත... මෙහි බඳේ විශාල කොටසක් කපාගෙන ගොස් ඇත්තේ ඔවුන්ගේ ඉදිකිරීම් සඳහාය...

මුහුදු  කොටි මරාගෙන මැරෙන බෝට්ටු

කොටින්ට  අයත්ව තිබී පසුව හමුදා භාරයට ගත් ආයුධ

තනි පුද්ගල සබ්මැරින් සහ බෝට්ටු

 සැහැල්ලු ගුවන් යානා (කුරුම්බැට්ටි) එන්ජිමක්

 තනි පුද්ගල සහ සමූහ සිරමැදිරි

 රණවිරු ස්මාරකය.. මෙහි සිටින යුධ සෙබලා ප්‍රභාකරන් මියගිය ස්ථානය දෙස බලා සිටියි...

ප්‍රභාකරන්ගේ  නිවසේ පිහිටි භූගත රථගාල...

 නිවස වටේ ඇති වෙඩි නොවදින මුරකුටි.. යකඩ තහඩු දෙකක් මැදට වැලි පුරවා සාදා ඇත...

 පොලොව යටට මහල් හතරකින් සමන්විත ප්‍රභාකරන්ගේ සුඛෝපභෝගී නිවස...

ඝනකම් ලෙස තනා ඇති බිත්ති...

 4 වැනි මහලේ සිට දිවෙන රහස් උමගේ පිටවීම


මුරකුටි

ප්‍රභාකරන්ගේ  පෞද්ගලික වෙඩි පිටිය.. මෙහි ඇත්තේ රණවිරු නිල ඇඳුමට සමාන ඇඳුමකින් සැරසුන ඉලක්ක වේ... 

නිවසේ  සැලැස්ම

කොටි  ප්‍රධානින් මියගිය විටදී අවසන් ගෞරව දැක්වීම සඳහා ප්‍රභාකරන් වෙත ගෙන ආවේ මෙතෙන්ටය.. මෙහි ඇති සිතුවමින් පෙන්වන්නේ ඔවුන්ගේ බල ප්‍රදේශ ලෙස සිතා සිටි ප්‍රදේශයය.. ඉටි පන්දමෙන් ආණ්ඩුව පාලනය කරන ප්‍රදේශය පෙන්වයි.. ඉටිපහන මොවුන්ට ආලෝකය ලබාදෙමින් ටිකෙන් ටික ගෙවී යන අන්දම මෙයින් නිරුපනය වේ...

 වනගත බංකර්

කොටින්  විසින් බෝම්බ අටවා විනාශ කර ඇති විශාල ජල ටැංකිය

 රණවිරු ස්මාරකය.. මෙහි බිත්තියේ ඇත්තේ මෝටාර් උණ්ඩයකි



 කුරුම්බැට්ටියක්




හසලක ගාමිණි ස්මාරකය... විනාශ වුනු බුල්ඩෝසර් රථය සහ පොපි මල්

 ගජබා ගැමුණු මෙන් ජාතිය රකින්නට
යුධ වැද ජයගන්න රුපුබිය තුරන් කොට
සෙබලෙකු විලස පෙන්වා අදිටනින් සිට
මැරුණත් අමරණීයයි නුඹ ලක් මවට
නැවත දැනුම්දීමක් කරන්නම් මේවා බලන්න යනවානම් අප්‍රේල් ඉවර වෙන්න ඉස්සෙල්ල යන්න...! අප්‍රේල් මාසේ මේවා බුල්ඩෝසර් කරල දානවා...!!!




15 comments:

  1. ගොඩක් ස්තූතියි. බලන්න යන්න හිටියට බලන්න බැරිවුනා. ෆොටෝ ටික දැක්කම ගියා වගෙ තමා.

    ReplyDelete
  2. ෆොටෝ ටික දාපු එක නම් වටිනවා මචං.. බලන්න යන්න බැරි වෙයි අපිටත්..

    ReplyDelete
  3. නියමයි මචන් එල ෆොටෝ ටිකක්.

    ReplyDelete
  4. ගොඩක් ස්තූතියි ෆොටෝ වලට..යන්න හිතං හිටියට තව සෑහෙන්න කාලෙකට යන්න වෙන එකක් නෑ මේවා බලන්න....දැං ගියා වගේ ..

    ReplyDelete
  5. මේ පින්තූර ගනිද්දී මේවා අන්තර්ජාලයට එක් නොකරන්න පොරොන්දු වුනා නේද ?

    ReplyDelete
    Replies
    1. නෑ... එහෙම තහනමක් නෑ..!

      Delete
  6. සරුවට වැවෙන කැරට්.. wrong narration correct this..........

    ReplyDelete
  7. සරුවට වැවෙන කැරට්.. wrong narration correct this...

    ReplyDelete
  8. කියල් වැඩක් නෑ. මම යාපනේ ගියාට "කොටින් විසින් බෝම්බ අටවා විනාශ කර ඇති විශාල ජල ටැංකිය" එකට පස්සේ ටික විතරයි දැක ගත්තේ.ඔය photos බැලුවම ඉතින් ගිහින් බැලුවා වගේම තමා.

    ReplyDelete
  9. දිපු ලින්ක් එක දිගේ මමත් ගොඩ වැදුනා ඔන්න.අපිත් මේ ගමනම ගියා නොව අප්‍රේල් 5 වෙන්දා .අපිට ෆාරා නැවනම් බලන්න උනේ නෑ අපි යනකොට පරක්කු වෙලා

    ReplyDelete
    Replies
    1. ඇයි? ඒ වෙනකොට නැව නැද්ද? :D

      Delete
    2. නෑ නෑ... නැව තිබුනා ඒත් අපිට් අයන්න දුන්නේ නෑ වෙලාව පහු වෙලා කියලා

      Delete
  10. මේවා අප්‍රේල් වලදී අයින් කරනවා කියලතින්නේ බොරුවක්. අපි ගිය සතියේ (මැයි) ගියාමත් ඔය ඔක්කොම තිබුන. ඇයි මෙහෙම බොරු කියන්නේ ?

    ReplyDelete
    Replies
    1. අපිට ආමි එකේ අයිය කෙනෙක් කිව්වේ....

      Delete

Related Posts Plugin for WordPress, Blogger...