Jan 30, 2012

සොමියට වරෙන් පුතා අගුල දාලා නෑ දොරේ... - බුදු අම්බෝ..බේරගනියෝ……!!!!!!!





Twitter කියන්නෙ මගෙ හිත ගත්ත හොඳම සයිට් එකක්... ඇත්තටම කියනවනං Twitter හින්ද මට Facebook ඕනෙම නැති තරං... ඒකට ආපු පලවෙනි දවස් වල පට්ට චාටර් මගුලක් තමයි, හැබැයි ඒකෙන් යාළුවො සෙට්වෙලා කට්ටියව අඳුනගත්තට පස්සෙ පුල් ආතල්..! 

ඔන්න Twitter වලදි අපි ඊයේ රෑ විග්‍රහ කරේ ලංකාවේ සංගීත ක්ෂේස්ත්‍රය පිළිබඳව..!

"මොකා කිව්වා??? "

*බුලත් කොලයට හුණු ගාමින්..*

"ඔය සිංදුවල තියෙන රියල් අදහසට එපිටිං අපිට මතු කරන්න පුළුවන් අදහස් තමා හිච්චියෝ මේ කියල තියෙන්නේ... තේරුනයි..?"

*උඹ ඉඳං ඉන්නේ මගෙ දුම්කොලේ උඩ*

මං ඔය යටින් දාලා තියෙනවා සාකච්චා වුනු ඒවායින් කීපයක්.. මොනාහරි මිස් වෙලා තියෙනවනං එකතු කලාට කාරී නෑ..  


උතුරු කොණේ නුඹ හිනැහෙන් නඩරාජා මල්ලියේ - ආ දැන් උතුරටත් තණමල්විල බඩු යනවා වගේ

ඔබයි මමයි ඉන්නා තැන කොහෙද තනිකමක් - වෘත්තීමය පාලුකපන්නෝ 

මංමුලාවී පාර සොයාගෙන - GPS නැති කාලේ

කෙලෙසද කිව මැන ඔබ ගැන මතකය අමතක කරනු කියා? - ගහමු කරටි කැඩෙන්න..

ඔබ පෙම් කරනා ඔබේ කුමාරිය, මටද ආදරේ කියා ඇතේ. - මං කරල තියෙන වැඩ උඹ දන්නෑනේ 

වැහිදිය මහ බිම තෙමුවට බිම තෙමන්නේ වැහි විතරද? - ඇයි චු...?

මගේ පුංචි කැලෑ මලේ මමයි නුඹේ වියපත් බඹරා... - බාලාපරාධ!!!

කව්ළු පියන්පත් වහන්න සඳලුතලාවේ..... - හවසට මදුරුවෝ ගෙට එනවා
 
ගයමු ගීයක් දැන් අපි නිදහසේ .... - වරෙන්කො හවසට බෝතලේකුත් අරගෙන

හන්තානෙට පායන හඳ ලස්සනයිද කියන්න ???? - පිස්සුද බන්..වෙන තැන් වලටත් පේනවා

මාස්ටර් සර් මගේ හිමි තැන දෙනවාදෝ රෑ වෙලා වරෙන්කො...

කොටුව කොටුව කොටුව පිටකොටුව 138 මම හිටිය... - ඉතුරු දීපං කොන්දා....!

රහසේ හඬනා අප හැගුම්.. ලොව නැහැ දන්නේ අප පැතුම්.... - කමක් නෑ ඉතුරු තියාගන්න....

මගේ දින පොතේ අද නෑ ලියන්නේ - පෑන ඉවරයි මල්ලි

මීදුම් ගලා කන්දේ... ඉවසන්න බෑ සීතේ...- වරෙන්කො ගෙදර හෙම්බිරිස්ස හදාගෙන..!

සොඳුරිය……… ආලය කෙතරම් නපුරුද? - හම්බානෙක

සුදු ගවුමෙ ඇයි, ලේ ගෑවුනේ? - ආපහු කියහන් බලන්න.. හරියට ඇහුනේ නෑ..!

පොඩි කඩේ හිටිය නගේ... නුඹට හිත බැඳුනේ මගේ...- ෆුඩ් සිටියට ගිය වෙලාවක හිතිච්ච සිතුවිල්ලක් වෙන්නැති!

හබර දබර හබර දබේ - මයෙ මොකා?

මට හීනයක් වෙලා.. ඔබේ ඔය ආදරේ..- පෙත්ත අරං වරෙන්.. මුට පිස්සු තද වෙලා....!

මාණික්‍ය සේ පොලෝ ගැබේ නිධනවී ඇත්තේ ඒ අභීත දු පුතුන් - වැලිකඩත් ඉන්නේ එක්කෙනෙක්ව 'නිධාන' කරලා

මගේ... ඔරුකඳත් දිරාලා... - එහෙනං ගනින් ඩිමෝ බට්ටෙක්

කෝ මා පැතූ ඒ ආදරේ...? - අන්න ලිඳේ තියෙනව.. ගිහින් බලපන්...!

දුර ඈත කැලේ ගල්, ගුහාවක ගෙවනව කල්! - වැද්දියෙක්ද බොල?

මලේ.., මටත් හිතයි කරන්න ආදරේ.. - අම්මෙ මෙන්නෝ.. :O

කන්න දෙනව නම් අපිට බොන්න දෙනව නම් අපිට මොන කෙංගෙඩියද තව ඕනැ කියන්නේ - දෙයියනේ කියලා transport දුන්නා නම්

හීන පොතේ පිටුවක් පෙරලී.. ඇත, මොනවද එහි ලියැවී ඇත්තේ..? - ඉන්දකින් ඒක දකින්න ඉස්සෙල්ල තෝ මාව ඇහැරෙව්වනේ...!

ලෙන්චිනා මගෙ නංගියේ ඇයි, ගංතෙරට වී ගොම්මනේ.. - අයියාටත් ඕන නැති මගුලක් නෑ නෙ :|

සුරංග නාවී සුරංග නාවී - හොඳට කුණු අතුල්ලලා නාගනින්..

ඈ... තාර කාවී - :?

කල්ලඩි පාලම ලඟ සින්දු කියන මාළුවෝ - මලිලිට මාළු සින්දු කියනවා ඇහෙන්න සුරුට්ටු කීයක් බොන්න ඕනිද?

සදේ... නුඹ ඇයිද මේ යාමේ.. තව මඟ බලා ඉන්නේ..? - පිස්සු නැතුව ගිහින් නිදාගනින්...!

කොටු වැටිච්ච පුංචි සරම ඇතුලෙ නටන මල්ලියා...! -  :O

අහංකාර නගරේ .. සුරඟනක් ද ඔබ ලඳුනේ ?? - නෑ මම මේ එහා lane එකේ සිල්වියා

ලැබුණත් නෙත් යුග දහසක උරුමේ - කතරගම දෙයියෝ පරාද වෙයි වගේ

සබඳ අපි කඳු නොවෙමු - තොට අමු කැවිලද?

මල්බර හිමිදිරියේ.. කොයිබද සමනළියේ.. යන්නේ හිමිදිරියේ.. කියන්න සමනළියේ. -එන පොට හොඳ නෑ

මේ සිර මැදුරෙන් පැනයන්නට ඇත්නම් - සරත් කියූ ගී

සදාදර නයෝ ඔබේ… මංගල දිනේ… - සතෙක් කියලා බලන්නේ නෑ කෑමක් නම් අපි එතන…

මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ - නැගිටපන් ඩෝ !!!

අපි දෙන්නා.. එක් වීලා..සහයෝගෙන් වැඩේ දෙන්නේ…… - මහින්දයි SBයි

වන්දනාවේ යමු බැතියෙන් වන්දනාවේ යමු - ඉස්සරහින් නවත්තපන් හඳුන්කුරු ඉවරයි..! ;O

සිටු කුමාරියේ, ඔබට සිතල අගුනයි - මේ සමහන් එක බීල ඉන්දින්කෝ...

සිත නාඹර තාලෙට වෙල් දෙනි වල නැටුවා.. - මී හරකාගේ කැමතිම සින්දුව..

සොමියට වරෙන් පුතා අගුල දාලා නෑ දොරේ... - බුදු අම්බෝ..බේරගනියෝ……!!!!!!!

දෑස පියාගත් කල මට මැවෙන්නේ ඔබේ රුව… - මල්ලි වැඩ වගේ!!!” | හික් හික් ;)

බුදු අම්මේ තව කෝටියයි.. මෙන්න මේකෙන් ගිහින් ඉතුරු ටික බලාපල්ලා...

13 comments:

  1. එළ එළ .....නියමයි.....

    ReplyDelete
  2. සඳ ගිළුණත් හිරු ගිළුණත් මට කමක් නෑ: ඔවු ඔවු උඹේ බඩ පුරවන්න එහෙමවත් බෑ

    හිටින්න පොඩ්ඩක් හිටින්න දුවන්නෙ ඇයි ඔයා: යකෝ අන්නරෙහෙ පොඩ්ඩෙ අයිය ළිඳේ වැටිල. මූ හිටින්න කතා කොන්නො.

    ReplyDelete
  3. සඳේ එන්නම් ඔබේ ලෙනටා

    ReplyDelete
  4. @ඔබ නොදුටු: නියම නැත්තං තව මොනාද?

    @සඳමල්: :ඩි

    @කසුන්: ඔය තියෙන්නේ..

    @නිහාල්: ඇවිත්..? :)

    ReplyDelete
  5. මෙන්න ඔබට අනගි අවස්ථාවක්..
    වෙබ් අඩවි කරණයේ ශ්‍රී ලාංකීය අභිමානය වන Expresslanka නිර්මාතෘ විසින් ලොව ප්‍රථම වරට ගූගල් පේජ් රෑන්ක් වැඩිකරන software එකක් නිර්මාණය කර ඇත. මෙම ක්‍රමයට අනුව ඔබගේ වෙබ් අඩවියට high pr backlinks නොමැතිව රෑන්ක් එක වැඩි කල හැකිය. මෙම වැඩිකිරීම් ගූගල් සමාගමේ නීති රීති වලට එකගව සිදු කිරීමට අප ක්‍රියා කරනු ඇත. ශ්‍රී ලාංකීය වෙබ් නිර්මාණ කරුවන් දිරි ගැන්වීම සිදු කරනු වස්, ශ්‍රී ලාංකික වෙබ් හා බ්ලොග් අඩවි 100 ක් සඳහා අවම මුදලක් අයකරමින් google page rank වැඩිකර දීමට කටයුතු සලසා ඇත. මෙහිදී ඔබගේ වෙබ් අඩවියට මාස 3 ක් ඇතුලත රෑන්ක් 0 සිට 1 හෝ 2 දක්වා ලබා ගත හැක. වැඩි විස්තර සඳහා 0755487947 (නිශාන්ත) අමතන්න.. මෙම දීමනාව කෙටි කාලයක් සඳහා පමණයි...

    ReplyDelete
  6. @ගුගල්: මයෙ මොකක්???

    ReplyDelete
  7. සිරාවටම මටත් දැන් බුකිය ඕනැම නැති තත්වෙට වැටිලා Twitter හින්දා. හෑ මගෙ හිංදු කෑලි දෙක තුනකුත් තියෙන්නෙ #හැෆී :දිව දොට්ට

    ReplyDelete
  8. @ශාන්: අනිවා අනිවා..!

    ReplyDelete
  9. අඩේ අප්පා එම අපි පික්සු කෙලිය එක නේද...මාත් මේක උස්සන්න කියලා බැලුවේ ;)

    ReplyDelete
    Replies
    1. නැත්තං නැත්තං...? උස්සල දාපන් බං.. :) :)

      Delete
  10. අපි කියපුව එකක්වත් දාලා නැ මේක දේශපාලන කුමන්ත්‍රණයක් :D :D :D

    ෆට්ට ආතල් එකක් ඕක තව ඇති

    ReplyDelete
    Replies
    1. සමාව දෙනු මැනවි...! ඔබේ දේවලුත් මෙහි පලකරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි...!
      තව ගොඩා...ක් ඇත... https://twitter.com/#!/search/realtime/%23QuestionableSinhalaLyrics යින් ගොස් බලන්න..! :) :)

      Delete

Related Posts Plugin for WordPress, Blogger...