Dec 21, 2011

සමීකරණයෙන් ව්‍යාපාරයට පෙම් හසුනක්... විදුහල්පතිගේ අතටම මාට්ටු වෙයි!




එක්තරා ප්‍රසිද්ද පාසලක අපුරු පෙම්වතුන් යුවලක් සිටියහ. පෙම්වතිය 12 වසරේ සිසුවියකි. පෙම්වතා 12 වසරේ සිසුවෙකි. ඔවුහු හැකි විටෙක එකිනෙකා වෙනුවෙන් රසබර ලිපි හුවමාරු කරගත්හ. දිනක් සිසුවිය ලියූ ලිපියක්  ප්‍රධාන ශාලාවේ බිම වැටී තිබී විදුහල්පති තුමාට හමුවිය. මේ ලිපිය විදුහල්පති තුමා උදෑසන රැස්වීමේදී සිසුවියක ලවා කියැව්වේය. එම අපුරු ලිපිය මෙසේය...

***
                                                                                  අද 8 යිලු නේද?

මා සිත්ගත් ව්‍යාපාර වස්තුව වෙත ලියමි,

ඔබගේ සිත නමැති ව්‍යාපාරයේ මගේ සිත නමැති ආයෝජන මුදල තැන්පත් කිරීමෙන්, ඔබගෙන් ලැබෙන්නා වූ සත්‍ය ප්‍රේමය නමැති කොටස කරණ කොටගෙන මාගේ සිතේ ජනිත වූ ලාභය හුදු ප්‍රේමයෙන් ඔබ වෙත පිරිනමමින් මෙම ධනයෝජිත ගිණුම ආරම්භ කරමි.

ඉතින් සොයුර.... ඔබ මා වෙනුවෙන් විඳි දුක්ගැහැට කොපමණද? මාගේ සිතේ වේදනාව මුදක් වැල් පොළියක් මෙන් දිනෙන් දින මසෙන් මස ලියලන්නේය. සියල්ල ඉවසගත්තේ සිතත් වේදනාවත් වෙනත් පෙම්වතෙකුට සුළු පොලියට දෙමින්ය. එදා ඔබ Y(වයි) අක්ෂයේදී මම X(එක්ස්)  අක්ෂයේදී පෙනී සිට අපගේ මූල අක්ෂය හරහා යැව් රේඛාවේ අනුක්‍රමණය සෙවීමට ගොස් මාගේ අන්තඃඛණ්ඩය මම විසින් නැති කර ගත්තෙමි. එය මා මෙන්ම ඔබද දනී.

ඉතින් මාගේ පරාවල ප්‍රස්ථාරය, ඔබ එදා වාගේ උපරිම අගය සෙවීමට ගොස් තව ටිකෙන් ඔබව බින්දුවට සමාන වීමට ඉඩ තිබුනා. ඔබත්, මමත් බස හෝල්ට් දෙකක් අතර තනි වෙද්දී ඔබගේ මව දුටු වෙලාවේ අප තිදෙනාගේ ලක්ෂ තුන යාවී කෝණ තුනේ අගය අංශක 180 වීමට ඉඩ නොදී අප වෙන්වී පලා ගියේ අපගේ පෙර පිනකට නොවේද? ඉතින් මාගේ පරිධිය කේන්ද්‍රයේ ඔබ එදා සිටියදී ඔබගේ අරයෙන්, එම වෘතයෙන් මම භ්‍රමණය වී ගියේ යම්කිසි පරිමිතියක් ඔබ වෙත බැල්ම හෙලා තිබූ බැවිනි.  යම හෙයකින් කුමන හෝ නීතියක් ගත්තත්, යම්කිසි අනුයාත පදයක් ඔබට කරදර කරයි නම් මම ඔහුව වර්ගකර මූල සොයා දෙකෙන් බෙදා දෙකෙන් බෙදා බින්දුවට සමාන කරමි. ඉතිං මාගේ පෙම්වත අංක බින්දුව මෙසේ ගත් ඔබේ ලක්ෂයේද මා මගේ ලක්ෂයේද සිටියදී අපේ එකතුවට පයිතගරස් ප්‍රමේය තිබෙන තුරු කිනම් අනුයාත පදයකටවත් බාධා කල නොහැකිය. ඉතිං මම නවතිමි.  

                                                                                 මීට,
                                                                                 ඔබ පෙම් බැඳි                                                                                  සමීකරණය.

***

විදුහල්පති තුමා මේ ලිපිය කාගේදැයි සොයන්නට උත්සාහ නොගත්තේය. නමුත් එය ඔහුට රසවත් බව පමණක් කීවේය. ඉහත කී පෙම්වතා අද මහජන බැංකු ශාඛාවක කළමනාකරුවරයෙකි. පෙම්වතිය ගණිත ගුරුවරියකි. නමුත් ඔවුන් දෙදෙනාට විවාහ වීමට නොහැකි විය.

උපුටාගැනීම : පුවත්පත් ලිපියකි (ශ්‍රීමතී විජයලත් - අඹන්පොල)

8 comments:

  1. මරුනෙ. ලියනවනං ලියන්න ඕන ඔන්න ඔහොම ලියුං.

    ReplyDelete
  2. මු matha ද කරේ commerce ද ... හික් ...

    ReplyDelete
  3. @රාජ් කියල වැඩක් නෑ

    @ano කෝ ලින්ක් එකක් නෑනේ

    @dream ලියන එකා මැත කියවන ග්‍රාහකයා කොමර්ස්

    ReplyDelete
  4. එළ! පට්ට ලියුම.අපේ ඉස්කෝලෙත් අක්කි කෙනෙක් ඔය වගේ එකක් ලියලා තිබුනා souvenir එකකට.
    //පාරවල ප්‍රස්ථාරය// මේක පරාවල ප්‍රස්ථාරය කියලා නිවැරදි විය යුතුයි නේද සහෝ?

    ReplyDelete
  5. මාත් කලින් මේක කියවල තියෙනවා.යජෙන් ජය....

    ReplyDelete
  6. @isimbuwa :D :D

    @mithuru ඔන්න කළා.... මාත් හරියටම ඒක ගැන දන්නේ නෑ... නිවැරදි කිරීමට තැන්කු!

    @අසරණයා ජයවේවා...!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...