Dec 29, 2011

මංගල්‍ය දා.....!




හ්ම්ම්.... අවුරුදු හයකුත් ගතවුනා නේද? මමනම් හිතුවෙ නෑ අපි මෙච්චර දුර ගමනක් එයි කියල! ම්... බය උනාද? ඔව් මම ඒක මේ වෙනකන් ඔයාට කියල තිබුනේ නෑ.. හැබැයි අද මම කියනවා... ඔක්කෝම කියනවා..

ඔයාට මතක ඇති අපි දෙන්නව මුණගැසුනේ පත්තරේ දාපු මංගල යෝජනාවකින්... ඒ ඔයගොල්ලන්ගේ ගෙදරින් දාපු යෝජනාව බලල අපේ කට්ටිය පිළිතුරු යැව්ව හැටිත් මතක ඇතිනේ.. ඊට පස්සෙ අපි දවසක් කතා කරගෙන ඕගොල්ලන්ගේ ගෙදර ආපු දවස... අන්න එදා තමයි අපි දෙන්න මූනට මූන හම්බඋනේ... ඔයා හරිම ලස්සනට හිටිය එදා...

මම ඒ වෙනකොට ජීවිතේටම දැකල තිබුන දෙවෙනියට ලස්සන එක්කෙනා ඔයා...! මම ඇත්ත කතාකරන්නේ...! මට ඒ වෙනකොට මගේ හිත මටත් හොරෙන් හොරකං කරගෙන හිටපු කෙනෙක් හිටිය... ඔව්... ඒ එක්කෙනාව මට කොහොමටවත් අමතක කරන්න බැරි තත්වෙකයි මම හිටියෙ... එදා ඔයාව හම්බවෙන්න ආපු දවසෙ හවසත් මට එයාව හම්බඋනා.. මම ගිය ගමන කලින්ම මම එයාට කියල තිබුනේ... එයා.... දුක් උනා... ගොඩාක් දුක් උනා...


මමයි එයයි අතර සම්බන්ධය එසේ මෙසේ සම්බන්ධයක් නෙමේ.. ඒකට අවුරුදු හතරක ඉතිහාසයක් තිබුන... ඒ අවුරුදු හතරම අපි ගතකලේ ගෙවල් වලට නොකියා... කොහොම එහෙම අවුරුදු හතරක් ගෙවුනද කියල දැන්නම් හිතාගන්නවත් බෑ... ඒක පුදුමාකාර ආදරයක්.. ඒ ආදරෙත් එක්ක වෙන කෙනෙක් එක්ක විවාහ වෙන්න උනොත්...? මම ඒ දවස්වල වහ බෝතලේට අත තියල යාලුවන්ගේ කීමට හිත හදාගත්ත වාර අනන්තයි...! අපි දැනගෙන හිටිය අපි කොච්චර ඉගෙන ගෙන තිබුනත් අපේ ගෙවල් වලින් අපේ සම්බන්ධයට කැමති නොවෙන බව... අපි කොච්චර ගෙවල් වලට කරදර කලාද..? ඒත් ඒකෙන් උනේ... මගේ විවාහය ලං වෙන එකත් එයා රට යන එකත් විතරයි..!

ඊට පස්සෙ ආවේ අපි දෙන්නගෙ ගිවිස ගැනීම.. එදා ඔයා මලක් වගේ ලස්සනට හිටිය..! හරිම ලස්සනයි.. හැබැයි අරයා වගේ නෙමේ කියල මගෙ හිත හැමවෙලාවෙම මට කිව්වා... එදා.. බොහොම ලොකු දෑවැද්දක් හම්බුනා කියල අපේ අප්පච්චි කියනව මං අහගෙන... ඒත් මම මගෙ හිත හොරකං කරගෙන හිටපු සුරන්ගනාවගෙන් දවසින් දවස ඈත් වෙනව කියල දැනෙද්දී හිතට ආපු දුක මට කවදාවත් වචනයෙන් විස්තර කරන්න හම්බවෙන්නෙ නෑ....

සති දෙකකට පස්සෙ ආවේ අපේ මංගල දවස.. ඒ වෙනකොට මගෙ පොඩි වෙනසක් තියෙනව කියල ඔයා දැනගෙන හිටිය... වෙනදට මුනිච්චාවට හිනා මූණක් මවාගෙන ඉන්න මට පුළුවන් උනාට... වෙඩින් එක ලංවෙද්දි මට මාවම පාලනය කරගන්න බැරි වුනාද කොහෙද? වෙලාවකට මම බාත්රූම් එකට වෙලා පැයක් විතර එක දිගට අඬනවා... මමයි අරයයි ගත කරපු අවුරුදු හතර එහෙම සති දෙකකින් අමතක කරන්න බෑ කියල මම දැනගෙන හිටිය... මම ඒක කරන්න උත්සාහ කලෙත් නෑ..!

අපේ වෙඩින් එක දවසේ උදේ චාරිත්‍ර ඔක්කොම ඉවර කරල අපි හෝල් එකට ගියේ සංග්‍රහයට.... සංග්‍රහය බොහොම සරුවට තිබුන කියල යාන්තමින් මතකයි... හැබැයි මගේ අත තිබුනේ ඔයාගේ අත උඩ උනාට මගේ හිත තිබුනේ ලංකාවෙනුත් එහා... යාලුවෝ සින්දු කිව්වා, කතා පැවැත්වුවා... හැබැයි මට ඒ හැම එකක්ම ඇහුනේ යන්තමට.... ආ... මට මතකයි එක කතාවක පොඩි ෂොට් එකක් අරන් හිටිය පරණ යාලුවෙක් කියනව "මගෙ හිත ඉස්සෙල්ල තිබ්බේ වෙන කෙනෙක් ගාවලු, ඒ හිත ඔයාට දෙන්න තරං මං පරිත්‍යාගශීලි උනාලු... අන්න ඒ පරිත්‍යාගශිලිත්වයට ගරු කිරීමක් වශයෙන් මාව හැමදාම සතුටින් තියන්න කියල".... ඒක අහන් හිටපු කාගෙත් සිත්ගත් කතාවක් උනත් මගෙ හිත පසාරු කරන්න තරම් ඒක ශක්තිමත් උනා... මම හොරෙන්ම හෝල් එකේ වොෂ්රූම් එකට ගිහිනුත් ගොඩක් ඇඩුව... ආපහු එද්දී ඇස් දෙක හොඳටම රතු වෙලා තිබුන හින්ද යාළුවො හිතුවෙ මූ ගිහින් හොරෙන්ම ෂොට් එකක් දාගෙන ඇවිත් කියල...

අපි හෝල් එකෙන් පිටවෙලා යන මොහොත මගෙ ජීවිතේටම අමතක වෙන්නේ නැති අමරණිය මොහොතක්..! ඔයා අපේ දෙමව්පියන්ට වැඳල මගෙ අතත් අල්ලගෙන ගියේ ඔයගොල්ලන්ගේ දෙමව්පියන් ගාවට... ඉතින් අනිත් මිනිස්සු ඉස්සරහ අත අතහරින්න හොඳ නැති හින්ද මමත් අතින් අල්ලගෙන ආව...ඔයා අම්මව බදාගෙන අඬන්න පටන් ගත්ත ඉකි ගගහ.. මම ආපු වෙලාවෙන් ප්‍රයෝජන අරගෙන හිමීට අත අතහරින්න ගියෙ... ඒත් ඒ වෙලාවේ ඔයාගේ අතින් සිද්ද වෙච්ච දේ ඔයාට මතක නැතුව ඇති.. ඒත් ඒ දේ මට හොඳටම මතකයි..!

 ඔයා එක අතකින් අම්මව බදාගෙන අනිත් අතේ තිබ්බ මගෙ අත මට ගන්න බැරි වෙන විදිහට තදින් තද කළා...! මම තවත් ඔයාගෙන් අත ඇදල ගන්න උත්සාහ කලේ නෑ...! ඒ කරපු දෙයින් වචන දාහකින්වත් කියල ඉවර කරන්න බැරි හැඟීමක් ප්‍රකාශ වුනා... ඔව්... මම දන්නව ඔයා මේක අහනකොටත් මේක එච්චර දෙයක් නෙමෙයිනේ කියල හිතයි... ඒත් ඒක තමයි මාව වෙනමම මනුස්සයෙක් කරේ.... මෙච්චර වෙලා ඔයා ලස්සනින් දෙවෙනියට පෙනි පෙනී හිටපු මට ඒ වෙලාවේ ඉඳන් ලෝකේ ඉන්න ලස්සනම කෙල්ල දිහා බලන් ඉන්නව වගේ සන්තෝෂයක් ඇති උනා...ඇත්තටම ආදරය දෙවෙනි පාරට කෙනෙක්ට ඇති වෙන්නේ හරිම කලාතුරකින්..! ඔයාට ඒ වෙනස කරන්න පුළුවන් වුනේ පුංචිම පුංචි දේකින්... එදා මගෙ හිතේ ඇතිවුණු ඒ ආදරය අද වෙනකන්ම නොවෙනස්ව තියන්න ඒ අතට පුළුවන් උනා... එදා ඔයා මගෙ අතින් ඒ විදිහට ඇල්ලුවෙ නැත්තන් අද අපි දෙන්නගෙ ජීවිත හරිම වෙනස්... බොහෝ විට අපි දෙන්න දැන් වෙන්වෙලා.. මට මගෙ හිතේ ඉස්සර තිබුන ආදරය යටපත් කරගන්න ඔයා මට නොදැනුවත්වම උදව් කරලා... ඒ අතින් අල්ලපු වෙලාවේ ඇතිවුණු සිතුවිලි මට කවදාවත් වචනයෙන් විස්තර කරන්න බැරිවේවි...! ඒවා වචනයෙන් විස්තර කරන්න බැරිවෙන තරමට ඒවායේ අගේ රැකෙනවා... මේ වගේ පුංචි දෙයකින් ගලක් වගේ තිබ්බ මගෙ හදවත මෙලෙක් කරන්න පුළුවන් වුණු ඔයත් එක්ක කල්ප කල්පාන්තරය දක්වා එකට සිටින්න ලැබේවා....!

මෙයට,
සදාදරණිය,
සැමියා...!               

13 comments:

  1. හොදයි..සංවෙදි කතාවක් වගෙයි...

    ReplyDelete
  2. සංවේදිනම් තමයි...

    නමුත් ඒ තරම් පොඩි වෙලාවකින් සිව්වසරක පෙම් ගීයක් අමතක කරන්න පටන් ගන්න හැකි වුණා යන්න පුරුශ පක්ශය පිලිබද සියුම් අමනාපයක් ඇතිඋනා ...කෙසේ වෙතත් එලෙසින් අමතක කිරීමම තමයි මේ සැමියාගෙ හා බිරියගෙ වාසනාවේ උපත,,,,,

    මේ මගේ පලමු පැමිණීම... සමාවෙන්න හිත රිදුනනම්...

    ReplyDelete
  3. @chamiyaddehige@gmail.com ස්තුතියි...

    @Sammani ඕනෑම අදහසටක විවෘතයි..! :) බැන්දට පස්සෙ මුට වෙන කරන්න දේකුත් නෑනේ...! තැනේ හැටියට ඇනේ ගහනව මිසක්... ඒක තමයි මම කියන්න උත්සාහ ගත්තේ... ආයේ ඇවිල්ල යන්න එන්න...

    ReplyDelete
  4. ඔයාගේ ගැන කියෙව්වහම බ්ලොග් එක කියවන්න එපා උනා අප්පා. (විහිළු ආ)

    ReplyDelete
  5. අපූරුයි.. කියලා වැඩක් නෑ ඒ ගැන! බඳින එක බඳින්නෝන ආයේ ලිහෙන්නේ නැතිවෙන්න!

    ReplyDelete
  6. @බට්ටි මම ගැන නෙමේ බං... මං තාම ඉස්කෝලේ යන ගමන්.. :)

    @ලහිරු අයෙත් අහනවා... :ඩි

    ReplyDelete
  7. දන්නවා වගේ ලියලා තියනවා!!!! "p

    ReplyDelete
  8. මටත් ඔය වගේ තමයි කවද හරි වෙන්නේ ..

    ReplyDelete
  9. මම ගැනද මන්දා...

    ReplyDelete
  10. @sabith :P :P :P

    @ශෂී: මොකෝ අකමැත්තෙන්ද බඳින්න යන්නේ?

    @මම: ඔව් "මම" ගැන තමා... :ඩි

    ReplyDelete
  11. අප්සෙට් කථාව..දන්න කිහිප දෙනෙකුට ඔය දේම සිද්ද වෙලා තියෙනවා..

    ReplyDelete
  12. බොහොම සංවේදී කතාවක් මේ වගේ කී දාහක්නම් කතා ඇතිද අපි අතර

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...