Mar 28, 2012

ඇල් ටී ටී ඊ ඉතුරු කර ගිය දෑ බලන්නට ගියෙමි... (පින්තූර සහිතයි)

මුලතිව්, පුදුකුඩිඉරිප්පු, මුත්තූර්, නන්දිකඩාල්, පරන්තන්, වෙල්ලමුල්ලිවයික්කාල්, සාම්පූර්.... අහල පුරුදු නම් ටිකක් නේද? 2009 මැද හරිය වෙනකොට ටීවී එකේ තිස්සෙම ඇහුන නම් ටිකක්... ඉතින් යුද ජයග්‍රහණයේ උණුසුම ටිකෙන් ටික මැකිලා යද්දී පවුලේ උදවියත් එක්ක ගියා ඔය පැත්ත බලල එන්න...

අව්ව හරිම අවුල්..! ඊට හපන් දූවිල්ල... ඉවසන්න බෑ.. හරියට නිකං පහුගිය කාලේ P අකුරට F අකුර මාරු කරගත්තු උන් FB chat කරනව වගේ..  

***
X: kohomada?

Y: aaah.. fatta fatta

X: eka neme bn. mata fatta kallak set unane langadi

Y: fala fala do yanna...

X: boru neme yako... foddak hitapan mama photo ekak fennannam....

...

Y: ado.... fattane.. mata folawa falagena yanna hithenawa oi! :O

***

හැබැයි කව්රු හරි යනවනම් අප්‍රේල් මැද හරිය වෙන්න ඉස්සෙල්ල යන්න.. මොකද අප්‍රේල් මැද වෙද්දී මේ ඔක්කොම නටබුන් හා සුන්බුන් බුල්ඩෝසර් කරනවලු.. එතකොට මුකුත් බලන්න හම්බවෙන්නේ නෑ...! මෙන්න යටින් තියෙනවා පින්තූර ටික ට්‍රිප් එකේ...



                                                 මුහුදු කොටි නායක සුසෙයි ගේ නිවස
                               

සුසෙයිගේ පුළුන් පුරවපු කොටියා

සුසෙයිගේ කාමරයේ ඇති අල්මාරිය.. මෙහි ඇතුලින් රහස් උමගකට පිවිසිය හැකිය

මෙය බිත්තියකි
 සරුවට වැවෙන කැරට්.. 

එම ප්‍රදේශයේ සෑම නිවසකම පාහේ මෙවැනි සිදුරු ඇත... මේවා වෙඩි වැදීමෙන් සිදු වූ ඒවාය



Related Posts Plugin for WordPress, Blogger...