Jul 15, 2012

නුඹට කෙල හලන උට හොරෙන් ඔබ මට ලයින් එක දානවදෝ...?


***
දසත සැරිසරන
උකුසු නෙත් වලට
හොරෙන් මා දෙස
බලනවාදෝ...?

බලන හැමවිටම
කොමල මුවඟින්
සිනාසෙන්නට
හදනවාදෝ...?

සිනාසෙන්නට
හදන සැමවිට
ඔහු දකීවියි
බය හිතේදෝ...?

නුඹට කෙල හලන
උට හොරෙන් නුඹ
මට ලයින් එක
දානවදෝ...?


ඔහුට වැඩියෙන්
මගේ ආලය
වටිනවා යැයි
හිතෙනවාදෝ...?

ඉඟිමරන ඔය
නෙතට කඳුලක්
කිසිදිනක මම
නොම ගෙනේදෝ...?

ආදරය යනු

කිම නොදත් මම 
කෙලෙස ඔබ හට 
එය පුදම්දෝ...?


ආලයට කිරි කෝඩු
නැති නුඹ
මටත් ඒ ගැන
කියා දේදෝ...?
***

~ මාතරේ
Related Posts Plugin for WordPress, Blogger...