May 20, 2012

ඇය හමුවුණි; හද නැවතුනි...



ආදරණිය H වෙත,


මම  අහල තියෙන ගොඩක් ප්‍රේම කතාවල් පටන් අරගෙන තියෙන්නෙ දෙදෙනා අතර තියෙන ගැලපීම් හන්ද... ඒත් අපි..? අපි කොච්චර වෙනස්ද..? මම නිහඬයි, ලැජ්ජයි...  ඒ උනාට ඔයා එහෙම නෑ.. ඔයාට බයක්, සබකෝලයක් කියල දෙයක් නෑ... හරිම සද්දයි.. මගේම විරුද්ධ පදය...! ඒ උනාට මට සහතිකයි අපි කවදාහරි දවසක එකතු වෙනව, ඒ එකතුවෙන්නෙත් අපේ නොගැලපීම් හින්ද... එදාට අපිව වෙන් කරන එකනම් එච්චර ලේසි වෙන්නේ නෑ...!



    ...
පද නැත මතකෙට එන්නේ,
                  මුළු ඔළුවම අවුල් වී 

සඳ නැත අහසට නැග්ගේ, 
                      අද එහි රුව දෙවෙනි වී
 
තරු නැත තනිවී අහසේ ,
                       ඔබෙ රුව ඇත එහි ඇඳී
 
ඇය හමුවුණි; හද නැවතුනි;
                      විසේකාර රුවැත්තී...
  ...
Related Posts Plugin for WordPress, Blogger...