ලඟදි අර බොක්සිං ගහන්න ගිහින් වෙච්ච අකරතැබ්බයත් එක්ක මටත් මගෙ අවුරුද්දක විතර ඈත අතීතය මතක් උනා.. ඒ මොකද බුද්ධි ඉන්දීර සොහොයුරා වගේම මමත් බොක්සිං ගහන්න ගියෙ ගෙදරට නොකියා..
කාල වකවානුව 2011 මාර්තු සිට අගෝස්තු පමණ දක්වා මට මතක විදිහට.. ඒ දවස්වල සා/පෙ කරල 12 වසරට පය ගහපු කාලේ වෙච්චි.. ඔය කාලෙ නෙ ගොඩක් කට්ටියට ජීවිතේ කවදාවත් අමතක නොවෙන අත්දැකීම් ලැබෙන කාලේ.. ඔන්න ඉතින් මාතරෙත් සාපෙ රිසල්ට් එහෙම අහල පොඩ්ඩක් විනෝදෙන් කාලේ ගතකරන කොට බෝඩිමේ සෙට් එකකට ඔය බොක්සිං ගහන්න ආසාවක් ඇතිවුනා.. සෙට් එකක් කිව්වට හත්දෙනෙක් විතර.. ඉතින් බෝඩිමේ බොක්සිං ගහල පොඩ්ඩක් පළපුරුදු එකෙකුත් එක්ක තමයි ප්‍රැක්ටිස් යන්න හිතාගත්තේ.. හිතාගත්ත විදිහටම දවසක උදේ වරුවක් අල්ලල සෙට් එක පිටින්ම ගියා ප්‍රැක්ටිස්...
බොක්සිං කිව්වම ඉතින් ගොඩක් කට්ටියට මුලින්ම මතක් වෙන්නේ නහය කඩාගෙන ලේ ගලන එකෙක් එහෙමත් නැත්තං අර රෙස්ලින් මැච් වල වගේ බිම වැටුනට පස්සෙ පොලවට ගහන රෙෆ්රියෙක්... ඇත්තටම කිව්වොත් මමත් ඉස්සෙලම හිතාගෙන ගියෙ ඔය විදිහට හැබැයි පොඩ්ඩක් කල් යද්දී තේරුනා මේක පොඩ්ඩක් රහයි කියල.... මම කලින් කරපු බාස්කට්බෝල්, කැඩෙටින් වලට වැඩිය චුට්ටක් හොඳයි... ඒ මොකෝ ඒවායේ ප්‍රැක්ටිස් හැමදාම.. ගියෙ නැත්තං කණ්ඩායමේ නෑ... ඒ අතින් බොක්සිං තනිපුද්ගල ක්‍රීඩාවක්.. ප්‍රැක්ටිස් ගියොත් තමන්ට නැත්තං ඒත් තමන්ට...
ප්‍රැක්ටිස් එක්ක කාලය ගෙවිල යද්දී මට පාසල් බොක්සිං සංගමය සංවිධානය කරන L. V. ජයවීර කුසලානයට සහභාගී වීමට වරම් ලැබුවා... L. V. ජයවීර කියන්නෙ නවක බොක්සිං ක්‍රීඩකයින්ගේ තරඟය.. L.V ජයවීර එක පාරක් ගහපු කෙනෙක්ට දෙවෙනි පාර ගහන්න බෑ.. මේ වෙනකොට ඉතින් මාතරෙත් ඉස්කෝලේ බොක්සිං සර්ගෙ හොඳ ගෝලයෙක් වෙලා ඉන්න කාලේ නොවැ.. L. V ජයවීර යනවමයි කියල හිතාගෙන උන්නේ...
මේ ඔක්කොටම ඉස්සෙල්ල බොක්සිං ගැන පොඩි හැඳින්වීමක් කරල ඉන්නම්කො...
බොක්සිං වලට අවුරුදු 5000ක විතර ඈත අතීතයක් තියෙනව.. පුදුම උනාද..? පුදුම වෙන්න දෙයක් නෑ. මිනිසා කියන එක්කෙනා බිහිවෙච්ච දා ඉඳල ඔය පොඩි පොඩි හේතු වලට බෝකිසින් ගහගත්තනේ... ඉතින් ඔය බොක්සිං නීති රීති ටිකකුත් එක්ක ක්‍රීඩාවක් විදිහට ආරම්භ වෙලා තියෙන්නේ අවුරුදු 5000කට පෙර..
බොක්සිං ක්‍රීඩාවේ මුලික අරමුණ නිශ්චිත කාලයක් ඇතුලත (වට 3ක්) ප්‍රතිවාදියාගේ ලකුණු ලැබෙන ස්ථාන වලට පහර දීම.. එහෙමයි කියල හැමතැනටම ගහන්න බෑ.. ! ගහන්න පුළුවන් මූන, බඩ, පපු ප්‍රදේශයට පමණයි... එහෙමත් නැත්තන් ප්‍රතිවාදියාට තරඟ කරන්න අපහසුයි කියල විනිශ්‍යකරුට හෝ ප්‍රතිවාදියාගේ පුහුණුකරුට තේරෙනවනම් ඒත් දිනුම අපිට...
බොක්සිං තරඟයකදී එයට තරඟයක කියල කියන්නෙ නෑ.. බොක්සිං ව්‍යවහාරයට අනුව ඒකට කියන්නෙ බවුට් එකක් කියල.. ඒ වගේම බොක්සිං තරඟයක තරඟකරුවන්ව වෙන් කරන්නේ රෙඩ් කෝනර්, බ්ලූ කෝනර් කියල.. රෙඩ් කෝනර් ඉන්න කෙනා රෙඩ්... බ්ලූ කෝනර් ඉන්න කෙනා බ්ලූ.
තරඟයේ නීති රීති වගේම ආරක්ෂාවත් වැදගත්කොට සලකනව... බොක්සිං කිට් එක ඔලුවේ සිට මෙහෙමයි... මුලින්ම හෙඩ් ගාඩ්... මේක දාන්නේ ඔලුවට.. :P හිසේ පිටුපසත් නළලත් ආරක්ෂා වෙනව.. මේක අපේ බවුට් ඒකට බවුට් 10ක් විතර තියෙද්දී හම්බවෙනවා... ඊට පස්සෙ ස්කිනියයි, ෂෝටයි.. මේවානම් අපි අරං යන්න ඕනේ.. ඊට පස්සෙ අත් දෙකට බැන්ඩේජ්, මේවත් අපේ ගානේ.. ඔන්න ඊළඟට ඒ ගොල්ලෝ ගානේ ග්ලව්ස්, මේවත් හෙඩ් ගාඩ් එක්ක තමයි ලැබෙන්නේ.. ඊළඟට සපත්තුයි, මේසුයි.. ඒවා කොහෙන් හොයාගත්තත් අදාල නෑ....
හරි ඔන්න ආයේ කතාවට.... ඉස්කෝලෙන් යවන L. V ජයවීර කණ්ඩායම තෝරන්න පටන් ගත්තේ තරඟයට දවස් දෙකක් තියල... සර් එදා එකපාරටම මට කියපි මගෙ බර පන්තිය ගහන එක්කෙනෙක් ඉන්නවාය... ඒ හින්ද බර කිලෝ හතරක් අඩු කරගන්න ඕනේ කියල...!
වාසනාවට වගේ එක දවසෙන් කිලෝ තුන හතරක් අඩු කරගන්න පුළුවන් ක්‍රමයක් අපේ බොක්සිං ක්‍රීඩකයෝ ගාව තිබුන....
1. පළවෙනියටම කිලෝමීටර 3ක් පමණ නොනවත්වා දිවීම...
2. දිවීමට පෙර හෝ පසු වතුර නොබීම
3. දිවුවාට පසු පොලිතින් උරයක් තුලට වී අව්වේ විනාඩි තිහක් පමණ සිටීම
4. ආයේ දිවීම
5. බර බැලීම
6. අවශ්‍ය බර පැමිණ තිබේනම් නැවත්වීම... නැතිනම් නැවත පලවෙනි පියවරට යෑම
7. රෑට නොකෑම.. (බැරිමනම් ඔය පරාටයක් වගේ වෙළුන යමක් කෑම)
8. වැරදිලාවත් වතුර නොබීම
9. හැකි තරම් අපද්‍රව්‍ය පිටකිරීම
ඔන්න ඔහොමයි එක දවසෙන් කිලෝ හතරක් බස්සගත්තේ ...
8. වැරදිලාවත් වතුර නොබීම
9. හැකි තරම් අපද්‍රව්‍ය පිටකිරීම
ඔන්න ඔහොමයි එක දවසෙන් කිලෝ හතරක් බස්සගත්තේ ...
කතාවේ ඉතුරු ටික එච්චර රස නෑ... කෙටියෙන් කිව්වොත් බවුට් දෙකයි ගැහුවේ, එකක් දින්න, එකක් කෑවා... දෙකේම ගැහුවේ රෙඩ් කෝනර්.... ඒ හින්ද පැත්තේ වැරද්දක් කියන්නත් බෑ... මටම තේරුණා මට බොක්සිං හරියන්නෑ කියල... කාපු එක දින්නනම් මට ලෝකඩ පදක්කම... ඒත් මගෙ වෙලාවට වෙන්නැති ඒක පැරදිලා තරගෙන් ඉවත් වෙන්න සිද්ද වුනේ.. හැම අඳුරු වලාකුලකම රිදී රේඛාවක් තියෙනව නේ... නැතත් ඉතින් මිදි කොහොමත් තිත්තයි නොවැ!
***
වීරයෙකු ලෙසින් අප හැර ගිය ඔබ හෙළදිව බොක්සිං ක්‍රීඩාවේ අමරණිය චරිතයක් වනු ඇත...