Apr 22, 2012

සියඹලා ජූස් සෑදීම!!




මේපාර සයිබර් සැණකෙළිය නං එලටම තියෙන්න ඇති නේද?? අපිට ඉතින් හෙට ඉස්කෝලයක් කියල දෙයක් තියෙනවනේ යන්ට... නැත්තන් ඉතින් බුදියන්නෙත් ඔහෙම තමා...

කොහොමින් කොහොම හරි ටොපික් එකට එන්ටර් වෙමු.. සියඹලා ජූස්! ටිකක් මොනවද වගේ නේ??

මේක මම ඇහුවේ පබිලිස් අන්කල් ගෙන්ද කොහෙද!!! මිනිහ ඉතින් හදන්නැති කෑමක් නැනේ.. වට්ටක්ක පුඩිං උත් ලඟදි කියල දෙනවා ටීවී එකේ දැක්ක... 

ඔන්න එක්කෙනෙක්ට සියඹලා ජූස් හදන්න ඕනා කළමනා ටික මෙන්න...

1. සියඹලා මද 4ක් විතර
2. කෝප්පයක්
3. වතුර
4. සීනි
5. ලුණු

සාදන ක්‍රමය ඇවිල්ල පොඩ්ඩක් විතර ජුගුප්සාජනකයි...

හරියට  නිකන් අලුතින් හදන ගෙදරක ඔය හුණු වලින් ලියන එව්ව වගේ...

***
මෙම  නිවසට බුදු සරණයි!

මොනවද බලන්නේ?

බලාගෙන බෙල්ලෙ පොට යයි!!

***


ඉස්සෙල්ලම කෝප්පෙකට කාලක් විතර පිරෙන්න වතුර දාන්න... දාල ඉවර වෙලා සියඹලා මද ටික කෝප්පෙට දාල හොඳට මිරිකගන්න... මදේ ඇටෙන් ගැලවිලා.. මදේ දියවෙලා යනකන් අතෙන් මිරිකන්න...

හරි.. ඊට පස්සේ ඇට ටික කෝප්පෙන් අයින් කරලා.. සීනියි ලුනුයි එක්කර ගන්න... සියඹලා ඇඹුල් නැතිවෙලා හොඳ පැණිරස ගානට එනකන් සීනියි ලුනුයි එක්කරගන්න... එච්චරයි ඉතින් හදනවා කියල කරන්ට තියෙන්නේ.... හරියට ලුණු ඇඹුල් මික්ස් උනොත් එලම එල සියඹලා ජූස් එකක් හැදෙයි... 

මේක  බීමක් වශයෙන් එතරම් ප්‍රසිද්දියක් දරන් නැති හන්ද ඕනේ නං පොඩි අදායම් මාර්ගයකට එන්ටර් වෙන්නත් පුළුවන්... :ඩි





3 comments:

  1. අපි හැදුවා කොහිල කට්ලට් මාරයි

    ReplyDelete
    Replies
    1. කොහිල කට්ලට්??? උපරිමයි වෙන්නැති!

      Delete
  2. MEMA KRAMAYA MATA PRAYOJANAWATH WEWI.------UNCLE----

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...