Apr 30, 2012

නැතුවත් ඔබ, බොළඳයි මම...!



කිසිවෙකුට කියා දෙන්නට නොහැකි වූ,
විඳිමින්ම තේරුම් ගත යුතු වූ....
ඒ වචනයේ,
තේරුම දැනගන්නට ඉඩ දෙනු මැන,
ඉඳින්නමි ළඟටම වී.....
ඒත් කොහෙද ඔබ...?
ප්‍රමාද ද ඔබේ දුම්රිය...?
දනිමි ඔබ එනු ඇත යම් දිනක...
කියාදෙන්නට  මට එහි තේරුම....
අව්වේ පිපුණු, පින්නෙන් නැහැවුණු..
එකම එක නැවුම් මලක් අතැතිව,
ඔබ  එනතුරු මඟ බලා ඉඳින්නෙමි... මම

~ මාතරේ

13 comments:

  1. //එකම එක නැවුම් මලක් අතැතිව,
    ඔබ එනතුරු මඟ බලා ඉඳින්නෙමි... මම//

    බලාගෙන ඉදලා ඉදලා පලක් නැති වෙලාත් තියෙනවා..:( ලස්සනයි සිතුවිල්ල..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හිතුවක්කාරී.. මඟ බලාගෙන ඉඳිමත් එක්තරා විදිහක ආශ්වාදයක්....

      Delete
    2. ඔව් බන් මමත් මග බලන් ඉන්නවා බස් එකේ එනකන් <3

      Delete
    3. මේ දුක කාට කියන්නද?

      Delete
    4. @චූටිපුතා බස් එක...?

      @ලොක්කයියා ලොකු අක්කට කියාපාන්...

      Delete
    5. ඔව් එයා එන්නේ බස් එකේනේ කෝච්චියේ නෙවේ :D

      Delete
    6. @චූටි ආ.. එහෙම කියපන්.. :D

      Delete
  2. අපේ කෝච්චිය හැමදාමත් පරක්කුයි..... අපි හැමදාමත් පාර බලාගෙන ඉන්නවා :(

    ReplyDelete
    Replies
    1. ඒක තමයි... ශේප් එකේ බස් එකටවත් මාරු වෙමුද...? :D

      Delete
  3. කෝච්චිය එනකම් බලාපොරොත්තුවෙන් ඉමු.. බලාපොරොත්තුව ජීවිතය ජීවත් කර්නවනේ..

    ReplyDelete
  4. ලස්සනයි බන් උඹ කෝච්චිය මම බස් එක එච්චරයි වෙනස එකම සිතුවිල්ල. උඹ මගේ සිතුවිලි එහෙමම ලියලා

    ReplyDelete
    Replies
    1. ඔව් මං ළඟක ඉඳල හිත් කියෝනව... :P :P

      Delete

Related Posts Plugin for WordPress, Blogger...