Jan 22, 2012

උගත් පාඩම්... බීල බස් වල යෑම!



ඊයේ රෑ අපි බිව්ව... අපේ යාළුවා පුස්කගේ බ'ඩේ එක සමරන්නයි බිව්වේ... ඔන්න ඊයේ රෑ 7.30 විතර වෙනකොට කට්ටියම නුවරට සෙට් වෙලා පුස්කගේ ගෙදර ගියා... ඒ ගෙදර පුස්කගේ අම්මල අප්පල එන්නේ කලාතුරකින් හින්ද එහෙ තමයි අපේ පොට් එක උනේ.... අපෙ සෙට් එකේ හිටියේ පස් දෙනයි.. මං, පුස්කා, ගණා, ප්‍රතාප්, ජොසා...

ඔන්න කොහොමින් කොහොමහරි අපි 8.30 විතර වෙද්දී පුස්කලගේ ගෙදර ආව... කට්ටියම ඔන්න මේසේ වටේට රොක් වෙලා... සාදය අරඹන්න සුදානම් උනා... තිබ්බේ Black Opal එකයි, White Russian කියල එකකින් බාගයයි.... ෂ(ඇ)න්ටි වලට තිබ්බේ කොකාකෝලා එකකුයි 7up එකයි.. ආ... මේ දවස් වල අලුතින් ආපු Dunhill Switch  පැකට් එකකුත් තිබ්බ... ඔන්න කතාවේ මූලිකම අංගයට එනව...

කට්ටිය බෝතලෙන් බාගයක් විතර යද්දි ඔන්න විකාරරූපී වෙන්න පටන් ගන්නවා... දැන් බෝතලේ අන්තිම කාල විතර... ප්‍රතාප් හිටු කියල කබර පැටික්කියෝ දානවා... ජොසා හෙන හැඟීම්බර කතාවක් කියනව... ගනා හෝ ගාලා අඬනවා.... පුස්කා තනියම සින්දු කියනව.... මං නං අනේ මන්ද මොකද කලේ කියල...!! ඔන්න රෑ 11.30 විතර වෙනකොට පාටිය අවසාන වෙන්න ඇති... ඒ මොකද එකෙක්ටවත් මතක නෑ කීයටද නිදා ගත්තේ කියල...! ඔන්න නිදා ගත්තු ඈයො උදේ 8.00 විතර එක එකා නැගිටිනව... ඒත් එක එක තැන් වලින්....!

උදේ 10.00 විතර කට්ටිය ටටා බායි කියල එහෙම යන්න ලෑස්ති වෙනවා.. ජොසාට උදේ ඉඳං වමනේ යන්න එනව කියපු හින්ද අපි ඒකටත් ලෑස්ති වෙලා සිරි බෑග් එහෙම අරගෙන බස් එකට ගොඩ වැදුන.. ඔන්න දැන් බස් එක යනව... එක එකා එක එක තැන්වල.... ප්‍රතාප්ටයි ජොසාටයි එකලඟ සීට් හම්බවෙලා ඉඳගත්තා..... ගණා හිටගෙන නිදි... ඔන්න බස් එක වංගු එහෙම අරගෙන හයියෙන් යනව... මං ජොසා දිහා නිකමට වගේ බැලුව තත්වේ කොහොමද කියල.... ඉවරයි... වෙන්න තියෙන ඔක්කොම ඒ වෙනකොට වෙලා.... ජොසා එහෙම්ම කබ්බ දාල ප්‍රතාප්ගෙ ඇඟ උඩට... කොන්දොස්තරය බයිනව "ඕයි... තමුසෙලා ලොකු උන් නේද බබාලා නෙමෙයිනේ... කතා කරල කියන්න තිබ්බනෙ" කියල... ඔන්න ඔහොමයි සිද්දිය සිද්ද උනේ... අන්තිමට ගේ ගාව හෝල්ට් එකෙන් බැහැල එතනම තිබ්බ ටැප් එකකින් දෙන්නව හෝදල ගෙදර යැව්ව.....

උපදේශය: බිව්වට කමක් නෑ අනිත් දවසේ උදේට බස් එකේ යන්නනං හිතන්නවත් එපා...!

2 comments:

  1. මතට තිත තියපල්ලා ඉක්මනට~

    ReplyDelete
  2. @Sabith අන්න එහෙම කරන්න හිතාගෙන ඉන්නේ..! :ඩි

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...