Oct 30, 2011

Oct 28, 2011

ඔබ ඉතිං යන්න යනවා...


කව්රුත් මාත් එක්ක නැති වෙලාවට,
මගේ ලඟින්ම ඉඳගෙන පාළුව මකන්න සින්දුවක් හරි කිව්වේ ඔයා.
යාළුවො ළඟ නැති වෙලාවට,
එයාලව මගේ ලඟින්ම තිබ්බේ ඔයා.
කම්මැලි දැනෙන වෙලාවට
අතේ හිරි යන්න ගේම් එකක් හරි ගැහුවෙ ඔයා හින්ද
ඉන්ටනෙට්, ඇම් ඇම් ඇස් වැඩ කෑලි නැති උනාට 
ඔයාගෙන් ලැබුන ඇස් ඇම් ඇස් ටිකයි කෝල් ටිකයි මට වටිනව.
වෙලාවකට මම ඔයා බැට්රි ලෝ කියල අඬද්දිත් නොසලකා හැරලා තියෙනව,
ඒවාට මං අනන්තවත් සමාව ඉල්ලනව.
ඔයා මාත් එක්ක තරහ නෑ නේ?
සමහර  දවස් වලටක්‍රෙඩිට් ඉවර උනාම කියෝන හැටි...
හැමතිස්සෙම මතක් වෙනව!
ඒත් එහෙම හිටපු ඔයා දැන්...
දැන් ඔයා මගෙන් වෙන් වෙලා යන්න යනව!
ඔයාව පට්ට ගහන්න හදන පාදඩයෙකුට විකුනන්න මට බෑ!
ඒත් එහෙම කියලත් බෑනේ...
මාත් එක්ක තරහ වෙන්න එපා.....!
ඔයාව මං කවදාවත් අමතක කරන්නේ නෑ!!!
මීට,
අවුරුදු එකහමාරක් ඔයාගෙන් කියල නිම කරන්න බැරි තරම් වැඩ ගත්,
මාතරේ.


Oct 27, 2011

ආසයි මට කෙදිනක හෝ කැම්පස් ගොඩ වදින්න



කරුණාකර සවන් දෙන්න. මම තාම කැම්පස් ගිය එකෙක්වත් එහි යාමට සුදුසුකම් ලැබූ එකෙක්වත් නොවේ. මම තාම පාසලක ඉගෙන ගන්නා එකෙක්මි. පහත සඳහන් දෑ හුදෙක් රසවින්දනය සඳහා මිස මා ගැන ගැඹුරින් දැකීමට නොවේ! පහත දෑ, අන්තර්ජාලය ඇවිස්සීමෙන් සහ අනෙක් බ්ලොග් අඩවි කියවීමෙන් ලබාගත් කෑලිය...!


හන්තානට පායන සඳ ලස්සනයිද                     බලන්න
ජපුරේ මෙන් මටම තුනක් දාගෙන රස              විඳින්න
කොළඹින් හරි පොෂ් බඩුවක් අරගෙන චැට්     කොරන්න
ආසයි මට කෙදිනක හෝ කැම්පස් ගොඩ         වදින්න

අයියලාට ඕනේ තරම් නවක වදය                    කරන්න
ඊළඟ වසරේ අපටත් චාන්ස් එකක්                   ලැබෙන්න
උද්ඝෝෂණ, පිකටින්, වර්ජන ඕනේ තරම්       කරන්න
ආසයි මට කෙදිනක හෝ කැම්පස් ගොඩ         වදින්න

ලවර්ස් ලෙන් වල ඇති පුටු නොමඳව රත්          කරන්න
කජු කැල වල සිරී පාදේ පාළුව නැති                 කරන්න
මල්වත්තේ වවුල් කැලේ අඳුර මැදින්                දුවන්න
ආසයි මට කෙදිනක හෝ කැම්පස් ගොඩ         වදින්න

නිදි මර මර අඩ සිහියෙන් ලේක්චස් වල           ඉඳින්න
රෑ වෙනකන් හොස්ටල් වල පාඩම් වැඩ            කරන්න
හිතෙට හිතෙන ගතට දැනෙන කුරුටු වදන්      කොටන්න
ආසයි මට කෙදිනක හෝ කැම්පස් ගොඩ         වදින්න

පැතලි හැඩැති කළු තොප්පිය දාගෙන ජොගි    නටන්න
රෝල් කරපු ඩිග්රි කොලේ ඇරගෙන කයි       ගහන්න
සමාජයේ පුංචි තැනක් මටම කියල                  හදන්න
ආසයි මට කෙදිනක හෝ කැම්පස් ගොඩ        වදින්න

Oct 21, 2011

ආදරේ නිකං X වගේ




ආදරේ නිකන් මොකක් වගේද? එක එකාට එක එක විදිහට හිතෙනව. ආදරේ ඇත්තටම ඕනේ විදිහකට හිතන්න පුළුවන්. ඔන්න ආදරේ ගැන මට හිතෙන එව්ව.


 ආදරේ නිකන් ආප්පයක් වගේ! මුල ටිකේදී හයිය උනාට ඇතුලට යද්දී හරිම සිනිදුයි.

ඇයි ආදරේ නිකන් පාන් රාත්තලක් වගේනේ... පිටි* උඩ යද්දී ගණන් ඉබේම වැඩිවෙනවා!!! 


එතකොට... මෙහෙම කියන්නත් පුළුවන්. ආදරේ නිකං මදුරු දැලක් වගේ! දැල හයිය වෙන තරමට වටේ බලන් ඉන්න මදුරුවන්ට ඇතුලට රිංගන්න අමාරුයි.

ම්ම්ම්... ආදරේ නිකං පිපිඤ්ඤ කරලක් වගේ. හොඳට අතගාල ලුණු එහෙම දාල ගත්තම මාර රහයි. හැබැයි ගත්ත ගමන්ම ගිල්ලොත් පට්ට තිත්තයි.

ආදරේ නිකං සොෆ්ට්වෙයාර් එකක් වගේ කියල කියන්නත් පුළුවන්; නිතර නිතර අප්ඩේට් කරන්න ඕනේ නැත්තම් එක්ස්පයර් වෙනව....

ඇයි ආදරේ නිකං ටොරන්ට් එකක් වගේ කිව්වත් වැරදි නෑ. සපෝර්ට් එක දෙන සීඩර්ස්ල ඉන්න තරමට සාර්ථකයි. හැබැයි අකුල් හෙලන ලීචර්ස්ල ඉද්දී පොඩ්ඩක් පමා වෙනව.

ආදරේ නිකන් චුයින්ගම් එකක් වගේ කියල අර්ථ දක්වන්නත් පුළුවන්, හප හප ඉද්දී කාලයත් එක්කල රස නැති වෙලා යනව!

ආදරේ නිකන් බැලුන් බෝලයක් වගේ! මම එහෙම කිව්වේ බැලුම් බෝල හුඟක් පුම්බන තරමට තමා නියම ලස්සන දැනෙන්නේ, හැබැයි ඕනෑවට වඩා පුම්බද්දී ලොකූ සද්දෙකුත් එක්ක ඇස් ඉස්සරහම පුපුරනව

ආදරේ නිකන් රිමෝට් කොන්ට්‍රොලර් එකක් වගේ කියලත් කෙනෙක් කියන්න පුලුවන්. දුරක ඉඳගෙන උනත් සමහර දේවල් වෙනස් කරන්න රිමෝට් එකට පුළුවන්නේ...

ආදරේ නිකන් පීසා කුලුන වගේ කියලත් සමහරු කියන්න බැරි නෑ. මාර උසයි තමයි හැබැයි කොයි වෙලාවේ වැටෙයිද කියල ෂුවර් නෑ!!!

ඇත්තටම ආදරේ කියන්නේ හැමදේම...!

*පිටි සුදු පාටයිනේ :)

Oct 20, 2011

ආදරේ කරද්දී මෙහෙම එව්වත් සිද්ද වෙනව




එදත් සුපුරුදු පරිදි මම යාළුවොත් එක්ක ක්ලාස් එක ඇරිලා මහපාරට එන පාර දිගේ හෙමින් හෙමින් ආව. යාලුවෝ සෙට් ඒකෙන් හිමීට කැපිල එයා ලඟට එන්න හිතුනේ එයා තනියම හිටපු නිසා වෙන්නැති. ඇරත් මට එයා ලඟට එන්න ලයිසන් ඕනෙත් නෑනේ. ඒක අපේ පන්තියට එන හැමෝම දාන්න රහසක්.

පිටිපස්සෙන් ගිහින් ඔලුවට ටොක්කක් ඇන්නම් වෙනදට ඌයිය කියල මටත් ටොක්කක් අනින එයා  එදා ඇනපු ටෝක්කට මුකුත් නොකිය හිස් බැලමකින් මගේ ඇස් දෙක දිහා බලපු හැටි අද වගේ මතකයි. ඒ මූණ ඔයාව ආශ්‍රය කරපු මුළු අවුරුදු එකහමාරටම මම දැකල තිබ්බේ නෑ. එදා ඔයාගේ ඇස් දෙකේ හැංගිලා තිබ්බේ බයද, දුකද නැත්තම් අසරණකමද කියල මට එදා එකපාරටම හිතා ගන්න බැරිඋනා.

"මොකද බං ඔය විදිහට බලන්නෙ? අදුනන්නේ නැති එකෙක් වගේ"

"මේක මහ පිස්සුවක්
ලහිරු"

"ඇයි දැන් මොකක්ද පිස්සුව?"

"අපේ ආදරේ තමා"

"කව්ද ඒක එහෙමයි කියන්නේ?"

"මම"

ඇත්තටම මම ඒ වෙලාවේ පොඩ්ඩක් ගොළු උනා. මොකද එයා ඒ විදිහට අපේ ආදරේ බාල කරලා කතා කරපු පලවෙනි දවස එදා හන්ද.

"ඔව්! අපි ගොඩක් හොඳින් හිටිය තමයි ඒත්"

"ඒත් ?"

"ඒත් මට හිතාගන්න බෑ"

"මොනවද හිතා ගන්න බැරි?" 

"ඉහි.. ඉහි.." එයා ඉකි ගගහ අඬන්න පටන්ගත්ත. වෙනද විදිහටම එයාගෙම ලේන්සුව අරගෙන එයාගේ කඳුළු පිහදාන්න මට උනා. 

"අයියෝ... ඔහොම අඬන්න එපා ලමයෝ මිනිස්සු බලන් ඉන්නවනේ අනික මේ මහපාරේ!"

"කව්රු බලන් හිටියත් මට මොකෝ?" අපි දිහා බලන් හිටිය අක්ක කෙනෙක්ට රවන ගමන් එයා මගෙන් ඇහුව

"හරි හරි... දැන් කියන්නකෝ... මොකක්ද ප්‍රශ්නේ?"

"අපේ ගෙදරින් හැමදාම බනිනව ගණන් වලටයි ෆිස්ක්ස් වලටයි ලකුණු අඩුයි කියල ලහිරු!"

"ඔය බැනුම් වලට බය වෙලා හරියන්නෑ කෙල්ලේ. ඔයා දන්නවනේ ඔයාට කරන්න පුළුවන් කියල?"

මුකුත් නොකියම එයා ඔලුව වැනුව.

"එහෙනං එච්චරයි! දැන්වත් හිනා වෙලා ඉදින්කෝ!"

"ඒත් මට ගෙදරින් කියනව ඔයා එක්ක තියෙන සම්බන්දෙ නිසාලු මේ ඔක්කොම?"

"මොකක්! ඔයා ගෙදරටත් මං ගැන කියලද තියෙන්නේ?"

"ඔයා දන්නවනේ ලහිරු මම ගෙදරට මුත් හංගන්නේ නෑ කියල!"

"කමක් නෑ කමක් නෑ පිස්සු විකාරේ! ඒත් මොකක්ද අර සම්බන්ධයක් නවත්තන කතාව?"

"ඔව් තාත්ත කිව්ව අදම ඔයත් එක්ක කතාකරගෙන මේක නවත්තන්න කියල"

"හ්ම්ම්... ඒකත් එහෙමද? ඒත් මම දන්නව මගේ පැණි බුන්දිය මාව දාල යන්නේ නෑ කියල"

"මට සමාවෙන්න ලහිරු අම්මලට පිටු පාන්න මට බෑ!"

මුළු ජීවිතේටම අහපු එපාම කරපු වචන ටික වෙන්නැති ඒ. පපුව හෝස් ගාල ගියා!!! මුකුත් නොකියම මම අතින් මුණ වහගත්තේ තවත් එයාගේ මුණ බලන් ඉන්න ලැජ්ජ හිතිනු හන්ද

ඒත් එකපාරටම...

"හි හි හි හි හි හි හි හි හි හි හි"
"අනේ ලහිරු ඕකට ඔච්චර මූඩ් ගැහුවද? අයියෝ පිස්සු පූස! මම විහිළුවක්නේ මෝඩයෝ කලේ!"

මේ මොකද මේ වෙන්නේ? ඇත්ත තත්වය අවබෝධ කරගන්න මට පොඩ්ඩක් වෙලා ගියා! මේකි ඇත්තටම විහිලුවක්ද කරලා තියෙන්නේ?

"මොනවද කොල්ලො තව හිතන්නේ? යමුද දෙන්නත් එක්ක සරසවි එකට? ප්‍රශ්න පත්තර වගයක් ගන්න තියෙනව."

දැන්නම් මගෙ හිතට පොඩ්ඩක් සහනයක් දැනුන. ඒත් මේක ඇත්තටම විහිලුවක්ද කියල සැක හැර දැනගන්නත් ඕනේ.

"ආයේ මේ වගේ විහිළු කරන්න එපා!"
"තේරුනාද?" ඔලුව මැදට හයියෙන් ටොක්කක් අයින ගමන් මම ඇහුව

"ඌ...යියා"

අනිත් පැත්තට මට ප්‍රති ප්‍රහාරයක් ලැබුන.

Oct 18, 2011

මලීනා [Malèna 2000]


ජීවිතය කියන්නේ මහ පුදුම දෙයක්. එක එක කට්ටිය ඒක නොයෙක් විදිහට ගෙවනව. අනිත් අයගේ අදහස් වලට ගරු කරන්න ඕනේ, හැබැයි ගානට. කාවවත් ඔලුව උඩට ගන්න ඕනේ නෑ. 

අනිත් අයගේ නපුරු ලුක්ස්, බැනුම් වගේ ඒවා අපිට ඕනේ තරම් අහන්න ලැබිල තියෙනව අත්විඳලා තියෙනව. ඉතින් අපි හැමදාම බැලුවේ ඒ අදහස් ඔලුවට අරගෙන ඒවාට අනුව හැඩ ගැහිච්ච එක නේද? පොඩ්ඩක් හිතල බලන්න...

එහෙම කරන්න ගිහින් කරදරේ වැටුන අය හුඟක් ඉන්නව. මේ ඒවගේ එක ගැහැනියක්. බලලම ඔයගොල්ලන්ගේ අදහස් කියන්නකෝ... ඇත්තටම දුක හිතෙනව. බලල තියෙන අයත් ඇති ඒත් දෙවෙනි පාර බැලුවට වැඩි වෙන්නේ නෑ!

මට පොඩි රතු නිවේදනයක් දෙන්න වෙනව. මේක ඉතාලියේ ගහපු චිත්‍රපටියක් හන්ද සරාගී කොටස් වැඩියි! ඒ හින්ද ඒවා බලන්න පහසු වෙලාවක බලන්න. තේරෙනවනේ මම කියන දේ...! ඔන්න මොනවහරි උනොත් මාතරේ මේවා බලන්න පුරුදු කලා කියලනං කියන්න එපා. මෙන්න වැන්දා... මොනව උනත් හොඳටම දුකහිතෙන කතාවක්.

මේ ෆිල්ම් එකේ නම
Malèna
තිරගත උනේ 2000 අවුරුද්දේ
ධාවන කාලය විනාඩි 92යි

තවත් එකක් මේක පොඩියක් බාල වීඩියෝ එකක්.ඒ හින්ද මට බයිනව එහෙම නෙමේ. මිට වැඩිය කොලිටි එකක් හම්බුනොත් කොමෙන්ට් එකකින් දාන්න.


මේක බලන්න පොඩියක් මහන්සි වෙන්න ඕනේ. තරහ වෙන්න එපා, එච්චර ගේමක් නෙමේ... ඇඩ් මඟහැරලා ෆිල්ම් බලන්න දන්න කට්ටියටනම් කියල දෙන්න දෙයක් නෑ.

Torrents බාන කස්ටියට ලින්ක් එක මේන්!


01) පළවෙනියටම මෙන්න මේ ලින්ක් එකට යන්න. ඊට පස්සේ මේ වගේ එකක් එයි. තප්පර 6 කවුන්ට් ඩවුන් එකට පස්සේ ඔයගොල්ලන්ව වෙනම වෙබ් පිටුවකට ඉබේම යයි.


02) ඊට පස්සේ මෙන්න මේ බොත්තම ඔබන්න. අනිත් ඒවා ඔක්කොම ඇඩ්!


03) දැන් ඔක්කොම හරි කරන්න තියෙන්නේ කකුල් දෙක උඩ දාගෙන ෆිල්ම් ඒක බලන එක. තව එකක් මේක ආපස්සට (Rewind) යන්න හදන්න එපා. එහෙම උනොත් ෆිල්ම් එක ආයේ මුල ඉඳල පටන් ගන්නව!

මුළු ෆිල්ම් එකම බලල හිතට වැදුනානම් ප්‍රතිචාරයක් දෙන්න.

අමතක වෙන්නේ නෑ, කරන්න හදන්නෙත් නෑ!




හා හා හරි හාවා කැලේ මැදින් දුවගෙන ආපු හැටි,
දොස්තර හොඳහිත සත්තුන්ට කතා කරපු හැටි,
පිස්ස මූ පිස්ස මූ පිස්සු පූස මූ...
එතකොට අගුටුමිට්ටන්ගේ ලෝකේ තනිවුනු ගලිවර්.

මේ හැම දෙයක්ම හතරවටෙන්ම මූදෙන් කොටුවෙලා ඉන්න අපිට ගෙනත් දුන්නේ මාමා තමයි.
මාමා අපිට ඒවා ටීවී එකේ දැම්මේ නැත්තම් අදටත් අපි ඒවා දන්නේ නෑ!
පොඩි කාලෙ සතියේ දවස්වල හවස පහ මාරට ජාතික රුපවාහිනිය ඉස්සරහ වාඩි උන් නැති පොඩිඑකෙක් ලංකාවටම නැතුව ඇති.
කාටූන් අපිට තේරෙන විදිහට සරල සිංහලෙන් හඬකවන්නත් මාමා අමතක කලේ නෑ.

ඉස්සර කාටූන් කියල ටීවී එකටම තිබ්බේ මාමා හඬකවපු ටික විතරයි වෙන්නැති
දැන්නම් දන්නෙත් නැති කාටූන් වලින් ටීවී එක වැහිවැහල
දැන් අපි ලොකු ළමයි උනාට මොකද තාම අපි කාටූන් වලට ආසයි, මාමා තමා ඒකට වගකියන්න ඕනේ
මොකද මාමා කාටූන් වලින් ඇල්ලුවේ ළමයින්ගේ හිත් විතරක් නෙමේනේ

මාමා දැන් කොහාටහරි වෙලා අපි දිහා බලන් ඉන්නව ඇති
මාමට ලැබෙන උපහාර, ගරුබුහුමන්, ගුණ වර්ණනා
ඔව් මාමා නිර්මාණ කරල හොයාගත්තේ සල්ලි විතරක් නෙමේ
සල්ලි වලට වැඩිය එකතු කරන්න අමාරු දෙයක් මාමා එකතු කරගත්ත
ඒ තමා හොඳහිත, පොඩිඋන්ගේ හොඳහිත, ලොකු අයගේ හොඳහිත
ඒක කවදාවත් සල්ලි වලින් මනින්න පුළුවන් දෙයක් නෙමේ!

සිටින තැනක යහමින් ජිවත් වී යලිත් අප අතරේම උපදිවා කියන එක තමා මාමගේ කාටූන් වලට ආස කරන ලොකු පොඩි සැමගේ ප්‍රාර්ථනය!



මෙන්න මාතරේ කැමතිම ටයි මාමගේ කතන්දර වලින් එකක්! (පිස්සු පූසා)




උපුටාගැනීම්: මේ වීඩියෝ YouTube එකට අප්ලෝඩ් කරපු ඉසුරුට ස්තුතියි!
                     http://www.youtube.com/user/isuru5




නුග සෙවනේ කර්ම පලදෙන හැටි කියා දුන්නු අපූරුව!




මේක ලියන්න පටන් ගත්තේ අද උදේ නුගසේවනේ ගිය ජ්‍යෝතිෂය වැඩසටහනක් බලල ඉවර උනාට පස්සේ. වැඩසටහන මෙහෙයවපු කස්ටියනම් කිව්වේ අද සංවාදයට සහභාගිවුණු එක්කෙනා ප්‍රවීණ ජ්‍යෝතිශවේදියෙක්ලු. එයාගේ නමත් කිව්වා. හැබැයි ඒක මෙතන පල කරනඑක හොඳ නැති හන්ද දාන්නේ නෑ.

කතාවේ මාතෘකාව සහ අන්තර්ගතය උනේ කර්ම පල දීම.

ඔන්න ඉතින් මේ කියන කර්ම ගැන හොඳ විස්තරයක් එහෙම දුන්නට පස්සේ මේ කියන මහත්මය කතා කරන්න පටන් ගත්තේ ආත්ම ගණන් පල දෙන අකුසල් පිළිබඳව. මම ඒකට ඒ මහත්මයාම දුන්න උදාහරණයක්‌ දෙන්නම්. 
  

හිතන්න පෙර ආත්මයක මිනිස්සු කට්ටියක් එකතු වෙලා මිනියක් මරනවා, නැත්තම් තවත් පුද්ගලයෙකුට එයාගේ මුළු ජිවිත කාලෙම විඳවන්න සිද්ද වෙන ලොකු සිත් තැවුලක් ඇති කරනවා. එහෙම කලත් මේ අපරාධය කරපු මිනිස්සුන්ට ඒ ආත්මෙදි පොලිසියෙන්වත් කර්මයෙන්වත් කිසිම පල විපාකයක් ඇත වෙන්නේ නෑ. ඒ ගොල්ලෝ හිටපු විදහටම සුව පහසු සැප ජිවිතයක් ගත කරනවා.

ඔන්න ඉතින් කාරණා ඔහොම තියෙද්දී මේ ගොල්ලෝ මේ ආත්මෙදි සාමාන්‍ය විදිහට මැරිල ඊළඟ ආත්මේ උපදිනවා. හැබැයි මේ ඉපදෙන්නේ නිකන්ම නෙමේ. අර අපරාධය කරන්න හවුල් වෙච්ච කට්ටියගෙන් එක්කෙනෙක්, ඒ අපරාධය කරන්න හවුල් වෙච්ච තවත් එක්කෙනෙක්ගේ කුසේ පිලිසින්දගන්නවා. කාලය ගෙවිල යද්දී දරුවා බිහිවෙනවා. හැබැයි මේ ඉපදෙන දරුව උරුම කරගෙන එන්නේ කෙටි ආයුෂ ප්‍රමාණයක් ඒක හන්ද මේ දරුව අඩුවයසේම ආයු කෙලවර වෙලා මියයනවා. ඉතින් මේ අම්ම ඒ කියන්නේ ගිය ආත්මෙදි අපරාධයකට සම්බන්ධවුණු එක්කෙනා තමන්ගේ මුළු ජිවිත කාලයම දුක් විඳිනවා. රෑට නින්ද යන්නේ නෑ. සමාජයෙන් නොයෙක් කුණු බැනුම් අහන්න සිද්ද වෙනවා. ඉතින් මේක තමා කර්ම පලදීම පිළිබඳව මේ කියන ජ්‍යෝතිශවේදී මහත්මය කියූ උදාහරණය.

උදාහරණය කෙසේ වෙතත් මේ මහත්මය එතනින් නැවතුනේ නෑ. ඊට පස්සේ සංවාදයට හවුල් කරගත්තේ අපි කාගේත් සිත් වල තාම දෝංකාර දෙන සුනාමිය. මේකෙදි අහිමි වුනු ජිවිත සංඛ්‍යාව අති මහත්. අපි කව්රුත් ඒක දන්නව. ඉතින් මේ මහතා මේ සුනාමියෙන් පවුල් වල ඥාතීන් සේරම අහිමි වුනු, දේපල කියල කියන්න කිසිවක් නැති, දන්නා කියන කව්රුත් නැති, තාමත් අනාථ කඳවුරු වල ජිවත් වෙන අහිංසකයන් මේ විදිහට අසරණ උනේ කොහොමද කියල කියන්නත් අමතක කලේ නෑ.



මහත්මයට අනුව නම් මේ ඒ ගොල්ලෝ පතාගෙන ආපු දේවල්. ඒවා නවත්වන්න අපි කාටවත් බෑ! ඒ ගොල්ලෝ ඒ දුක විඳින්න ඕනේ, නැත්තම් ඔවුන්ට අර කියපු පෙර ආත්මේ අකුසලයෙන් බේරෙන්න විදිහක් නෑ.! 




ඔය ටික කියද්දී තමා මගෙ පපුව හෝස් ගාල ගියේ. ඕක අහගෙන හිටපු කටත් එහෙම හිතෙන්න ඇති. ඇයි වදේ පුදුම කතාවක්නේ මේ! මේක ඒ අසරණයෝ පෙර ඇතමෙක පතාගෙන ආපු කරුමයක් වෙන්නැති. ඒකට ඉතින් අපිට කරන්න දෙයක් නෑ තමා. ඒත් මේගොල්ලෝ මේ දුක විඳින්න ඕනේ කියල කියපු කතාව? මේක මට ලොකු අසහනයක් උනා. උදේ හවස බුදුන් වදින මේ වගේ එක්කෙනෙක්ගේ කටින් ඒ වගේ අනුකම්පාවිරහිත කතාවක් එලියට පැන්න හැටි!

මේක හුඟක් බැරෑරුම් ප්‍රශ්නයක්. මොකද මේක ප්‍රසිද්ද රුපවාහිනී වැඩසටහනක පළවූ එකක් හන්ද. මේ වගේ සැප ඒසී කරපු ස්ටුඩියෝ කුටියක ඉඳල ලෝකේ දිහා බලන කට්ටියට ඕනේ තරම් දේවල් කියන්න පුළුවන්. ඒවායේ දිග පළල ඒ අයට තේරෙන්නේ නෑ. තේරුනත් ඒ ගොල්ලන්ට ඒවා කමක් නෑ! ඕක තමා අද ලෝකේ හැටි. මේවා නරඹන අපි පොඩ්ඩක් බුද්ධිමත් වෙන්න ඕනේ. හුඟක් නෙමේ චුට්ටක්! මොකද හුඟක් බුද්ධිමත් අයට තමා මේ වගේ නොදැනුවත්වම වැරදි දේවල් කියවෙන්නේ.

මේක ඇවිල්ලා මගෙ පොයින්ට් ඔෆ් විව් එක (ඒ කිව්වේ මගෙ දෘෂ්ටිකෝණය). ඔය ගොල්ලන්ගේ අදහස් ඊට වැඩිය වෙනස් වෙන්න පුළුවන්. ඒකෙ කිසිම වැරද්දක් නෑ. අපි ඔක්කොම මිනිස්සුනේ!!!

Oct 17, 2011

මිරිඟුව (1 කොටස)




"ගෑනිගේ පව්කාරකම් නිසයි මිනිහ නැතිවුනේ"

මිනියට ඔලුව තියාගෙන ඉකි ගගහ අඬන දසුනිගෙ සිනිදු කන් පෙති අතර නිතරම රැව්දුන්නේ සමන්ති අක්කගේ සැරපරුෂ වාක්‍යයයි.
 
ඇයි දෙයියනේ දෙයියෝවත් බලන්නැත්තේ මේ ගෑනිගේ දුක?
වැන්දඹු ගෑනියෙක්ට මෙහෙම අපහාස කරන එක හරිද? ගෑනියෙක් මේ වගේ අමාරුවක වැටුනම අහල පහල දන්න කියන අය උදව් කරන්න ඕනේ නේද? මෙව්වා කොහොම වෙතත් බුදු දහමෙත් කියල තියෙනව අනුන් කල අකුසලයක් තවත් අයෙකුට පල දෙන්නෙ නෑ කියල. ගමේ ගොඩේ ගෑනුන්ට මේව්ව කියල දීල වැඩක්යැ? උන් බලන් ඉන්නේ තවත් ගෑනියෙක් කරදරේක වැටුනම පොඩි ඇනුම් පද දෙක තුනක් කියල මුළු චරිතෙම විනාශ කරලා දාන එක. ගම් දනව් ගැන එක එක්කෙනා කොයි තරම් සුන්දර කවි කතන්දර ගෙතුවත් යථාර්ථය ඕකයි.

දසුනි ලහිරු එක්ක විවාහ උනේ මීට මාස හතරකට ඉස්සෙල්ල. දසුනි විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරල නිම උනාට පස්සේ ගුරුවෘත්තිය තෝරගත්තේ පොඩි කාලේ ඉඳන්ම ටීචර් කෙනෙක් වෙන්න ආස කරපු නිසා. ඔහොම අවුරුදු දෙකක් යන්නැති. අලුතින් ආපු ගුරුවරුන්ට දෙනවනෙ දුෂ්කර කියල එකක්. ඒ කියන්නෙ තමන්ට හුරු පුරුදු පැත්ත නෙමේ ටිකක් එහාට ඒ කියන්නෙ දුෂ්කර පළාතකට දානවා ඒවායේ පාසල්වල ගුරු හිඟය පුරවන්න. ඉතින් දසුනිට තමන්ගේ උපන්ගම වූ කටුගස්තොට දාල කුරුණෑගල පැත්තේ නමවත් හරියට ප්‍රසිද්ද නැති කනිෂ්ට පාසලකට යන්න වෙච්චි. කොහොමින් කොහොම හරි ඒකත් ඉතින් අමුතුම අත්දැකිමක්නේ කියල හිත හදාගෙන දසුනි ඒ ගමටත් ගියා කියමුකෝ. ඔය අතරවාරේ තමා දසුනිගේ අම්මටයි තාත්තටයි මේකිව බැඳලා දෙන්න රුදාව ආවේ. අම්මටත් වැඩිය තාත්ත තමා මේක ඉක්මන් කරන්න ඕනේ කියල බල කරන්න පටන් ගත්තෙ. මිනිහ නාකි නිසා වෙන්නත් ඇති. තමන්ගේ දුවගේ මංගල්ලේ තමන් ජිවත්ව ඉන්දැද්දී කරගන්න ඉතින් මොන තාත්තද අකමැති? ඊටත් ඕකේ අනිත් පැත්ත වෙනවට මොන තාත්තද කැමති? ආ... මට වැරදුනා! තාත්ත නෙමේ අප්පච්චි. නුවර පැත්තේ උදවිය එහෙමනේ කතාබහ.

කොහොමින් කොහොම හරි අනුරාධපුර ඒත් නම එච්ච‍ර ප්‍රසිද්ද නැති ගම්මානෙක ඉංජිනේරු උපාධිධරයෙක් වූ ලහිරු දසුනිගේ මාමගේ මාර්ගයෙන් අප්පච්චිට මුණගැහෙන්නේ මෙන්න මේ කාලයේදී. දසුනියි ලහිරුයි එකම වයසේ උනාට ලහිරු දසුනිට වැඩිය මාස පහක්ද කොහෙද වැඩිමල්. දසුනි පේරාදෙණියේ යුනිවසිටි ගිය කාලේ ලහිරු ගිහින් තියෙන්නේ මොරටුවට. ඉතින් අනුරාධපුර කොල්ලෙක් උදේ හවහ මොරටු යන්නයැ? කරුමෙට නේවාසිකාගාරත් හම්බ උන් නැති නිසා ලහිරු නැවතිලා තියෙන්නේ ඔය කියන දසුනිගේ මාමලාගේ ගෙදර. ඉතින් ගෙදර කාලයක් තිස්සෙම නැවතිලා හිටපු නිසා මාම ඒ කියන්නෙ දසුනිලගේ අප්පච්චිට ලහිරු ගැන කිව්ව එක්කෙනා ලහිරුව හොඳට අඳුනනවා. ගති ගුණ ගුණ නොහොඳ හැම දෙයක්ම මාම මේ තරම් දන්නෙ ලහිරු ඒ අයගේ ගෙදර අවුරුදු 4 ක්ම නැවතිලා හිටපු නිසා. කැම්පස් ගිය කට්ටියගෙන් නොබීපු අතලොස්සක් හිටියනම් ලහිරු ඒ අයගෙන් එකෙක්. දන්නැද්ද ඉතින් මොරටුව කිව්වොත් බෝතලෙටමනේ?

ඔන්න ඉතින් ඔය ප්‍රවෘත්තියත් එක්කම දසුනිගේ අප්පච්චිගේ එකම බලාපොරොත්තුව උනේ ලහිරුවයි තමන්ගේ දෝණි පොඩිත්තවයි කොහොම හරි එකට ඈඳන එක. ඒ මොකද මෙච්චර රූමත් තරුණියකගේ අත ගන්න පතාගෙන ආපු බොහෝ දෙනෙක්ට අප්පච්චිගේ හිත ගන්න බැරි වීම. නුවර පැත්තේ මගුල් ඔහොමමනේ! දෙමව්පියන්ගේ කැමැත්තට තමා ඔක්කොම.

ආ මට කියන්නත් බැරි උනා!!! දසුනිගේ ලස්සන විස්තර කරලා ඉන්නනෙ තිබ්බේ ඉස්සෙලම. හැබැයි ඉතින් ඕක විස්තර කරලා කියන්න වචන එක්දාස් පන්සීයක රචනාවක් ලිව්වත් බැරිවෙයි. ඉතින් හිතාගත හැකිනේ කොහොමද කියල. සුපිරිම රූපෙ. වැඩි කතා කියන්න ඕනේ නෑ, ඉස්කෝලේ යන කාලේ කොල්ලො හයක් විතර හිටිය. තව ට්‍රයි කරපු උන් කොච්චර ඉන්න ඇද්ද?

ඉතින් ඔන්න අප්පච්චි දසුනිට ලහිරු ගැන හොඳ අතිශ්යෝකිතියෙන් විස්තරයක් එහෙම දීල දසුනි මොනවද හිතන්නේ කියල ඇහුව. තරමක් ආඩම්බරකාර යව්වනියක් උනු දසුනි එක පාරටම කැමති උනේ නෑ! බඳින්න තව කල් තියනවා කියලයි දසුනිගේ අදහස උනේ. ඒත් ඉතින් මේ අප්පච්චියත් එක්ක ඕව බෑ! කිව්වොත් කිව්වමයි. ආයේ කතා දෙකක් නෑ, කර බාගෙන ලිඳට උනත් පනින්න ඕනේ! ඒ ඉතින් ඉස්සර නිලමේ පරම්පරාවෙන් පැවත එන අයගේ ජානගත පුරුද්දක්නේ! මම විතරයි හරි.

කොහොම හරි වැඩි වාදයකින් තොරව දසුනි ලහිරුගේ ඇත ගන්න කැමතියි කියල බලෙන්ම වගේ අප්පච්චි දසුනිගේ කටින්ම කියෝගත්ත. ඔන්න ඉතින් වැඩි කාලයක් යන්න ඉස්සෙල්ල උඩරට විදිහට ඔසරියයි නිලමේ ඇඳුමයි දාල මංගල්ලේ චාම් විදිහට ගත්ත. නෑදෑයෝ ඔක්කොටම එන්න කියල නුවරදි තමයි මංගල්ලේ ගත්තේ!

මතුසම්බන්ධයි   
Related Posts Plugin for WordPress, Blogger...