Sep 30, 2011

අපි ඔක්කොම මිනිස්සු




කොච්චර කිව්වත් අපි හරි කියලා,
කව්රුත් කිසිදා හරිම නෑ...

කොච්චර දිනුවත් අන් අය හදවත්,

සැමසිත් එකලෙස දිනනු බෑ...

සහතික පිට සහතික පොදි
බැන්දත්,
නොපැරදුන කෙනෙක් තාම නෑ...

අඩියක් ගහලා සොමියක් දාලා,

ගැඹුරෙන් නොසිතා ඉඳිමු ඈ...?

(ක්ෂණික කෝපය හේතු කොටගෙන ගෙතුණු මෙව්ව එකකි
!)

Sep 28, 2011

ඇවිද ගියා අපි පාරේ...




සවස් වී ඒ දවසෙ
ඇවිද යන විට පාරේ...

නිමවී ටියුෂන් පන්ති
ඇවිද යන විට පාරේ...

දෙදෙන තනිවම ගොළුව නිහඬව
ඇවිද යන විට පාරේ...

පාසල් ඇඳුමින්ම අපි
ඇවිද යන විට පාරේ...

සිතෙහි තෙරපෙන දෙයක් ඇතිවම
ඇවිද යන විට පාරේ...

දෙනුවනට පමණක් කොන්දුරන්නට ඉඩ දී
ඇවිද යන විට පාරේ...

ඈතින් නුවර බසයක් එනු දැක
බස් එකේ නැගල ගෙදර ගියා මං...! 

අපරාදේ කියල සිතට දැනෙන්නේ දැන් :(
Related Posts Plugin for WordPress, Blogger...