Nov 26, 2011

සප්ලිමන්ට් වෙනුවට චතුමධුර




ඔන්න පුංචි රහසක් එලියට දාන්න යන්නේ.... අහල තියෙනවද චතුමධුර ගැන? අහල තියෙන කට්ටියත් ඇති.. නැති කට්ටියත් ඇති... ඔන්න කියන්න යන්නේ චතුමධුර ගැන.. චතුමධුර එහෙමත් නැත්තං රස හතර සංඝරත්නය කෙරෙහි දාන වලට යොදාගන්න එකක්... වෙද මහත්තුරු කියනවා ඕක කාපුවම මහත් වෙනව කියල... ඔව් සප්ලිමන්ට් ගහන්න ඕනේ නෑ.... සප්ලිමන්ට් බීල නැති ලෙඩ හදාගන්නවට වඩා දන්න දේ ඇඟට දාගන්න එක හොඳයිනේ...

හොඳයි දැන් කියන්න යන්නේ මේක සාදන ක්‍රමය... ආ ඊට ඉස්සෙල්ල ඕනේ අඩුම කුඩුම කිව්වේ නෑනේ... ඕනේ කරන්නේ මෙන්න මෙව්ව...

* බටර් (මාගරින් නොවන)
* එළඟි තෙල්
* මී පැණි
* හකුරු

ඔන්න ඕව තමා රස හතර..

හදාගන්න ක්‍රමය ඕන් අමුතු දෙයක් නෙමේ...

බටර්, එළඟිතෙල්, මී පැණි සම සමව අරගෙන (මේස හැන්දක් වගේ) පිරිසියකට දාල මිශ්‍ර කරල ඒකටම හකුරු ටිකක් ලියල දාන්න... එතකොට තියෙයි එලකිරියට... 

ආ.... තව එකක් මේකෙන් දවසකට මේස හැන්දක් විතරක් කන්න... වැඩිය කන්න එපා! ඇයි දන්නෑ....!

2 comments:

  1. කඨිනේ කාලේට අපේ ගෙදරත් මේවා හදනවා පංසලට පූජ කරන්න...108 වාරයක් අළුත්ම හැන්දකින් කූරු ගාලා තමයි ඔය ඔක්කොම මික්ස් කරන්නේ..ඒකට වෙනම මදටිය ඇට තියෙනව...එකින් එක ගනන් කර කර හරිම ගෞරවයෙන් තමයි හදන්නේ...

    ReplyDelete
  2. @ඔබ නොදු‍ටු ලොවක්..... ඇත්තටම කියනකන් දැනන් හිටියේ නෑ.. දැනුවත් කලට ස්තුතියි..!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...