Nov 21, 2011

මෙන්න මචං මැරයො ඇවිත්?




මගෙ යාලුවෙක් ඉන්නවා ගණා කියල... ඇත්ත නම ඒක නෙමේ උනාට බෝඩිමේ කව්රුත් කතා කරන්නේ ඒ නමින්...... ඉතින් මේ කියන දවසේ එළියේ හොඳටම වැස්ස... වෙලාව හතට විතර වෙන්න ඇති..... කට්ටියම බෝඩිම ඇතුලට වෙලා හිටියෙ... ඔන්න එකපාරටම ගණා කෑගහන්න ගත්ත

"ඒ.... මචං ඉක්මනට වරෙන්.... මෙන්න මැරයො ඇවිල්ල...."

මොකක්? අපි හැමෝම දුවගෙන ගියා එලියට, ගණා හිටපු තැනට.... එළියේ මොකෙක්වත් නෑ... මුට පිස්සුද කොහෙද? ඉතින් මම ඇහුව කොහෙද යකෝ මැරයො ඉන්නේ කියල... "අර... අර ඉන්නේ" ඌ ලයිට් එකට අත දික් කරල කියපි! වෙලා තියෙන වැඩේ තේරුනේ එතකොටයි.... මූ මෙච්චර වෙලා මැරයො කියල තියෙන්නේ ලයිට් එකට ආපු මෙරුවන්ට!!!


* * *

ඊළඟ කතාවෙ කතා නායකයත් ගණාමයි. ඔන්න ඒ කාලේ අපේ අපේ කට්ටියට ඇඟ හදාගන්න උණක් ඇවිල්ල ජිම් යන කාලේ.. ගණාත් යනව ඕන් ජිම් එහෙකට.... ඉතින් දවසක් මූ ජිම් එකට ගිහින් හවස් වෙලා බෝඩිමට එනව... මූ ඇතුලට එනකොටම හම්බඋනා අපේ සෙට් එකක්.... දැන් සෙට් එක ගණාව වට කරගෙන ඉතින් බයිට් කරනව.... "ෂා...... මේකා ජිම් ගිහින් සති දෙකක් නෑ, බොඩිය කට් වෙලානේ... කෝ බලන්න බයිසේප්ස්..." ටයර් කඳක් වගේ ඉන්න ගණාට මේව අහල තරහ ගියා..... කොහෙන් හරි අහ ගත්තු වාක්කියකුත් එලියට දැම්ම....

"පලයල්ලා යන්න..... ඊරිසියාවේ පැහැදිලිකාරයෝ!!!"

1 comment:

Related Posts Plugin for WordPress, Blogger...