Nov 6, 2011

ජම්බු ජූස් සහ තවත් කතා



අපේ ඉස්කෝලේ අයිය කෙනෙක් හිටිය කසුන් (නම වෙනස් කර ඇත) කියල. මේ ඒ අයිය හිටපු කාලේ සිද්ද වෙච්ච ආතල් කතා ටිකක්.

ඔන්න පෙබරවාරි මාසේ වැලන්ටයින් සමයේ මායි තව යාළුවෙකුයි ටවුම මැදින් යද්දී කසුන් අයියව හම්බුනා. අපේ ඉස්කෝලේ හින්ද අපිත් පොඩ්ඩක් නැවතිලා අයිය කොහෙද යන්නේ කියල ඇහුව. පොර හිටියෙ ලොකු ෂොපින් බෑග් එකක් අතේ තියාගෙන. ඇතුලෙ අමුතු මොනවහරි තිබුන නිසා මම නිකමට ඇහුව බෑග් එකේ මොනවද කියල.

"ආ මල්ලි මේ රෝස පැලයක්නේ. කෙල්ලට රෝස මල් ඕනෙලු. ඉතිං මං පැලේ පිටින් උස්සන් යනව කවදාහරි රෝස මල් පිපෙයිනේ. එදාට මාව මතක් වෙයි! "

---------------------------------------------------------------------------------------------------------

ඊළඟට මේ ලඟදි
කසුන් අයිය ගිහින් තියෙනව ඒ අයියගේ යාළුවෙක්ව බලන්න. හිස් අතින් නෙමේ ගිහින් තියෙන්නේ පර්සලෙකුත් එක්ක.

යාලුවත් එක්ක පොඩ්ඩක් වෙලා කතා කර කර ඉන්නකොට ඒ යාළුවගේ අම්ම ඇවිත් තියෙනව. ඉතිං අම්ම ඇහුවලු, "
කසුන් ව දැක්ක කල්. ඉතිං මේ දවස් වල මොනවද කරන්නේ?"

"මුකුත් නෑ ඇන්ටි, රිසල්ට් එනකන් ගෙදරට වෙලා ඉන්නව. ආ මම ඇන්ටිලට පොඩි බඩුවක් ගෙනාව" එහෙම කියපු
කසුන් අයිය ගත්තලු පාර්සලේ තිබ්බ බෝතලයක්. බෝතලේ ඇතුලේ තියනවලු සුදටයි රතටයි හුරු දියර වර්ගයක්.

ඇන්ටි ඇහුවලු මොනවද පුතේ මේ? කියල.
කසුන් අයිය කිව්වලු "ආ.. ඇන්ටි මේ මගේ ස්ව නිර්මාණයක්. මගේ අතින් හැදුවේ. හදුන්වාදෙන.... ජම්බු ජූස්! ".

"හා පුතේ ඕක කුස්සියේ මේසේ උඩින් තියන්න මොනවහරි කරමු!"

-------------------------------------------------------------------------------------------------------

කසුන් අයිය ඉස්කෝලේ යන කාලේ හිටිය ටිකක් කට කාර මල්ලි කෙනෙක්. මල්ලි කෙනෙක් කිව්වට ඌ තුන වසරෙ විතර ඇති.

ඉතිං මේ මල්ලිය දවසක් කාගෙන් හරි විජය කුමරයගේ කතාව අහන් ඇවිල්ල
කසුන් අයියට කියනවලු, "කසුන් අයියෙ, කසුන් අයියෙ... මම සිංහ පැටියෙක්!" කසුන් අයිය: "ආ එහෙමද උඹේ අම්ම කවදද කැලේට ගියෙ?"

හොඳ වෙලාවට මල්ලි පොඩි නිසා උට තෙරුන් නෑ!!!

11 comments:

  1. අය්යාගේ ඉස්කෝලේ මොකක්ද අය්යා ??

    ReplyDelete
  2. ජූස් ජාති අහලා තිබ්බට ජබ්මු ජූස් අදමයි ඇහුවේ !!!!

    ReplyDelete
  3. @danulatb : නුවර මලේ...

    @ඔබ නොදුටු ලොවක් : ඒකනේ කියන්නේ, විදුර අයියගේ ස්ව නිර්මාණයක්! :D

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. නුවර කියල දන්නවා අය්යා .. පොඩි හින්ට් එකක් දෙනන් ,, මත නුවරණේ ..

    ReplyDelete
  6. එහෙම බැනේ .. පොඩි හින්ට් එකක් දෙන්න ඔයා මොකේද කියල .. මාත් එකෙමද දන්නේ නෑ ...

    ReplyDelete
  7. හික් හික් ඕන්න ඔහෙ අල්ලල දාන්න මල්ලි! මං ගැන නොකිය ඉන්න තරමටම හොඳා....

    ReplyDelete
  8. පෞද්ගලිකත්වය! :ඩි

    ReplyDelete
  9. හ්ම්ම්.. හ්ම්ම්

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...