Oct 11, 2011

වැහැපිය




මොකද බොල ගොරවන්නේ?
ගොරවනවට අපි බය නෑ
වහිනවනන් එකෙන්ම වැහපන්
සද්දේ විතරනේ වැඩ නැනේ!

ඔව් තමුසේ එනකන් තමා බලාන හිටියේ
මල් වලට හරියට වතුර ටිකවත් වැටුන් නෑ කියල
අම්ම හුල්ලනවා
දැන් ඉතින් සද්දේ පැත්තකින් තියල වැඩ පටන් ගනින්

ඉස්සරහ පාත්තියේ මල් ටික ඔක්කොම මැරිල
තමුසේ හින්ද තමා මේ ඔක්කොම
හරියට වෙලාවට එන්නේ නෑනේ
අදවත් වරෙන් බොරු ෂෝ නොදා

වෙලාවකටනම් හරියට පොර වගේ
එන්න ගත්තම නවත්තන්නේ නෑ
අහල පහල ඉඩන් හෝදගෙන යනව
ඔව් අපේ ඒවත් එක්ක තමා

මේ පාරනම් ඕව බෑ පුතෝ
ඉක්මනට වැහැල පාඩුවේ පලයන්
කොම්පුටරේ ඕෆ් කරන්න වෙනව
අකුණක් ගැහුවොත් ඒකත් කපෝති...!



2 comments:

  1. මෙහෙත් ගොරවලා ගොරවල ඕං බුම්මගන ඉන්නෙ.යකඩෝ වැහි පොදක් වැටෙන්ඩ තියන අමාරුවක්.

    ReplyDelete
  2. @නදී ඒකනේ.. 2කේ ඉඳං තාම දඟලනවා! වැහි බින්දුවක්වත් නෑ. දැන්නම් ඉවසීමේ සීමාව පැනල තියෙන්නේ

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...