Oct 11, 2011

ලියන්නං වාලේ ලිවීම





හ්ම්ම්ම් හරිම මහන්සියක් දැනෙන්නේ හිතට. හිත ඇතුලේ තියෙන ඒවා බර වැඩි නිසා වෙන්න ඇති.කොහොම උනත් මේ හිරකරන් ඉන්න ඒව එලියට දාන්න මට කාලෙක ඉඳං ලොකු ඕනෙකමක් තිබුනේ. ඉතින් ඒකෙ ප්‍රතිපලයක් විදිහට පොඩියට බ්ලොග් එකක් පටන් ගත්ත.ලිපි පහ හයක් ලියල හිට් වෙන්න කියල සින්ඩි තුන හතරකටත් දැම්ම. ඔන්න ඉතින් ඕකයි මේ වෙනකන් කතන්දරේ. 

මම ලියන දේවල් මිනිස්සුන්ට කොච්චර දුරට තේරෙනවද, හිතට වදිනවද කියල මං දන්නෑ. ඒත් මගෙ උත්සාහය ප්‍රයෝජනයට ගන්න පුළුවන් වැදගත් යමක් ලියන එක. ඒ අදහස් කොච්චර උමතු උනත් මට අදාල නෑ!

ඔව්. කෙටියෙන් කිව්වොත් ඒක තමා මගෙ උත්සාහය. 

උත්සාහය කෙතරම් දුරට සාර්ථක වෙයිද කියල කියන්න මම දන්නේ නෑ. ඒත් ඒක සාර්ථක වෙනකන් මම ලියනව, ඔහේ ලියනව, ලියන්නං වාලේ ලියනව! 

No comments:

බයින්න තියෙනවනං කෙලින්ම බයින්න; හොන්දයිනං ඒකත් කියන්න; ඕනේ මඟුලක් වෙන්න කියල කොමෙන්ට් කට්ටක් දාලම යන්න...

Related Posts Plugin for WordPress, Blogger...