Oct 10, 2011

යාලුවෝ දෙන්නෙක්




ආප්පයා කියන්නේ මුගේ ඇත්ත නම නොවේ. එය කාඩ් එකකි. මෙහි සිටින එවුන්ගෙන් අමුම එකා මූය. බෝඩිම අස් පස් කරන වෙලාවක මූව හෙව්වොත් මේකා ලොවෙත් නැත (ඒ වෙලාවට වැසිකිලිය අසල සැරිසරන්නෙකුට මූව පහසුවෙන් දැක බලාගත හැක). ගැහැණු ළමයින් හට අප්‍රියතාවයක් දක්වන මේකා නිතරම සොමියෙන් සිටීමට කැමති එකෙකි. සිනහ සීමට මූ තරම් දක්ෂයෙකු තවත් නැත. ඇඳක් ගාව සෙට් වෙලා කයියක් ගසන විටදී මොකෙක්හරි දෙලොව රත්වෙන විහිළුවක් කිව්වොත් මේකා යටි ගිරියෙන් සිනහ වී එතනම මල මුත්‍රා පිටකරන්නේ නැති එක පමණි.

තවත් පොරකි පුස්කා. මේකාට මේ නම කෙසේ පටබැඳුනේ දැයි මම නොදනිමි. මතක ඇති කාලයක සිට පැවසුවේ ඒ නමය. නිතරම පාහේ පිස්සුවෙන් සිටි ඔහුගේ පිස්සුව දැන් වැඩි වෙලාය. ඒ අන් කිසිවක් නිසා නොවේ. 64 මායමක් නිසාවෙනි. නිතරම මොබයිල් එක අතැතිව සැරිසරන මූගේ ඇඟිලි 24පැයම සක්‍රියය. පුස්කා මල් කඩනවා අසා සිටීමද තරමක විනෝදය ගෙන දෙන්නකි (ඒ ඇතැම් විටදී මූ කඩ්ඩෙන් නෙලීමට ගොස් ඇනගන්නා නිසාවෙනි). දිනක් මූ වෙත ලැබී ඇති කෙටි පණිවිඩයක් මෙසේය,


Are u @ home dala?

මෙය දුටු විගස මූ තුෂ්නිම්භූත වී ගියේය. මොහු මෙය තේරුම ගෙන ඇත්තේ,

ඔයා ගෙදරද ඉන්නේ දාල? (යටින් එකක් දාල) :පී



එදා නම් හොඳ ආතල් එකක් ගත්තෙමු.! :)

 

පලි: dala කියන්නේ darlingට කියල මමත් දැනගත්තේ එදා :o

No comments:

බයින්න තියෙනවනං කෙලින්ම බයින්න; හොන්දයිනං ඒකත් කියන්න; ඕනේ මඟුලක් වෙන්න කියල කොමෙන්ට් කට්ටක් දාලම යන්න...

Related Posts Plugin for WordPress, Blogger...