Sep 26, 2011

පෙරවදනක්ද මන්ද?

හරහට හිතන්න එපා පිස්සෙකුට උනත් ලෝකය හොඳින් පේනවා! එකම වෙනස ඌ ඒක බලන්නේ වෙනස් ආකාරයකට. ඒ කෝණය මිනිස්සුන්ට අල්ලන්නේ නෑ! ඒක හින්ද මේකා පිස්සෙක්, මුට පිස්සු, කියල පිස්සන්ව කොන් කරලා දානව. හරිම අසාධාරණයි නේ?


හැබැයි පිස්සෙක් උනාම ඒකෙ හොඳ පැත්තකුත් තියෙනවා. උට කිසි බැඳීමක් නෑ, ගැඹුරින් හිතන්නේ නෑ, ජීවිතේ හරිම සරලයි!


හෝන්න ඉතින් පෙරවදනට පස්සේ පිස්සත් බ්ලොග් කෙරුවාවට බහින්නයි යන්නෙ. හැම කොල්ල කුරුට්ටම බ්ලොග් ලියද්දි මේ පිස්ස විතරක් නොලිය කොහොමද? උඹල ඔක්කොටම අද ඉඳං පිස්සු වට්ටන්න මම පොරොන්දු වෙනව (ඡන්ද පොරොන්දුවක් එහෙම නෙමේ!).

ඔන්න ඉතින් මේකා කියන බයිලා අහන් ඉන්න හරිබරි ගැහිලා වැඩි වෙලා ඉන්නකෝ ඈ... හදිස්සියට කියවගෙන ගිහිල්ල හුස්ම හිරකර ගන්නේ එහෙම නෑ...

2 comments:

Related Posts Plugin for WordPress, Blogger...